SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ සමාගම් වලට විකිණීමට නියමිත ඉඩම් සහ කැලෑ ඉඩම් ප්‍රමාණය කොපමණ ද?

2022 සැප්තැම්බර් මස වන විට පොලිය සහ වාරික ද සමග ගෙවීමට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 68.9කි. 2023 වර්ෂය අවසන් වන විට මෙය 77ක් පමණ දක්වා ඉහල යනු ඇති අතර වාර්ෂිකව වාරික සහ පොලියද එකතු වීම සිදු වන ආකාරය මත වාර්ෂිකව ගුණාකාර වෙමින් වැඩි වනු ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹී ඇත (ණය ප්‍රතිව්‍යූහගතකරණය තුල වසර 10ක් පමණ කල් ගත වුවහොත් ගෙවීමට සිදුවන ගණන කිසිවෙකුත් පවසා නොමැත).

 

වර්තමාන අර්බුධය ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වූයේ 2015 යහපාලන සමයේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් අධික ණය ප්‍රමාණයයි. 2015-2019 රනිල්ගේ පාලන සමය තුල ඩොලර් බිලියන 26ක විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත. එම ආර්ථික ක්‍රියාවලියේ ප්‍රමුඛයා වූයේ රවී කරුණානායකය.

 

ණය

 

මේ වන විට ආණ්ඩුව ගෙනියන්නේ රනිල්-බැසිල්-රවී තුන්කට්ටුව විසිනි. ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව 2015දී කලාක් මෙන් ඉන්ධන මිල විශාල ලෙස පහත හෙලීම, නැවත ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය ප්‍රාණවත් කිරීම, ආනයන සීමා ඉවත් කිරීම සහ භාණ්ඩ මිල අඩු කිරීමට නියමිතය.

 

Madawa chart 1

 

එවිට ප්‍රශ්නය වන්නේ මේවා මෙසේ කරන්නේ කෙසේද යන්නයි. එකී කාර්යයන් සිදු කිරීමට ඇති එකම මග වන්නේ තවත් ඩොලර් බිලියන 10ක් පමණ හෝ ණයට ගැනීමය (පවතින ණය නොගෙවන තත්වය තුල). එවිට ජනාධිපතිවරණය පවත්වන තෙක් නැවතත් "ජනතාව" පිනවිය හැකිය. නමුත් අර්බුධය උග්‍රවීමට නියමිතය. එසේ වන බව මේ අය නොදන්නවා ද නොවේ.

 

රාජ්‍ය ව්‍යවසායන් සම්පූර්ණ වශයෙන් විකුණා දැමුවද ඩොලර් බිලියන 6-8ක සීමාව ඉක්මවිය නොහැකිය. එබැවින් ඔවුනගේ අනීවාර්ය සැලසුම වී ඇත්තේ රටේ පවතින ඉඩම්, කැලෑ ඉඩම් විකුණා දමා ණය ගෙවා දැමීම හෝ ණය වෙනුවට හිලව් කිරීමයි. එය ද සිදු වීමට නියමිතව ඇත්තේ කුණු කොල්ලයටය. නමුත්, එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් නැවතත් 107ට පෙට්‍රල්, 80ට ඩීසල්, ඇතුළු ආනයනික භාණ්ඩ පාරිභෝජනය ඉහලට එසවිය හැකිය. එසේම තම තමන්ට අවශ්‍ය ආකාරයට නිවාස ඉදිකිරීම් සිදු කොට ගත හැකි වනු ඇත. "ජනතාවට" අවශ්‍ය එම තත්වයයි. ඒ අතරතුර මොවුන් සැලසුම් කරන පරිදි ආයෝජකයින් ද ගෙන්වා ගතහොත් තත්වය තවත් උත්කර්ශවත් වනු ඇත. නමුත් අර්බුධයේ මානයන් වෙනස් වනු ඇත. එහෙත් ඒවා කිසි වෙකුටත් අදාළ නැත.

 

මීට අදාළ අපේ ලිපි වල සබැඳියාවන්:

http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

 

@Madawa Ruwanpatirana Fb page

නවතම ලිපි