SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම සහ මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දැමීමට ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට එරෙහිව

පසුගිය 26 වනදා කොළඹදී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ අදාළ ප්‍රමිතීන් අනුගමනය නොකරමින් බව නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර අද (16) මානව හිමිකම් කොමිසමේදී පිළිගෙන තිබේ.

 

ඒ, එම ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව ජාතික ජන බලවේගය ගොනු කළ පෙත්සම මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු රෝහිනී මාරසිංහ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මෙම පරීක්ෂණය සඳහා කැඳවනු ලැබ තිබුණද ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පෙනී සිටි ඇත.

 

tear gass JVP 2

ජාතික ජන බලවේගය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූවේ එම සාමකාමී විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සහ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මියගිය සාමාජිකයා සහ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සාමාජිකයා ඇතුළු පිරිසගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙනි.

මෙම පෙත්සමට අදාලව ඉදිරිපත් කළ විඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී පහරදීම සිදුකළේ සාමකාමී උද්ඝෝෂණයකට බව මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු රෝහිනී මාරසිංහ විසින් තහවුරු කරගෙන තිබේ.

මේ අතර එලඹෙන අප්‍රේල් 10 වනදාට කොමිසම විසින් පොලිස්පතිගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලා ඇති අතර ඒ සඳහා පහත ප්‍රශ්නාවලිය යොමු කර ඇත.

  • සාමකාමී විරෝධතාවයට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළේ කුමන නීතිමය තත්වය යටතේද?
  • උද්ඝෝෂකයින්ට ඇතුළු වීම තහනම් කරමින් ලබාදී තිබූ අධිකරණ තීන්දුවේ සඳහන් ස්ථානවලින් පරිබාහිරව කඳුළු ගෑස් ප්‍රහාර දියත් කිරීමේ නීතිමය තත්වය කුමක්ද?
  • පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කිරීමේදී ප්‍රමිති ගත නිර්ණායක අනුගමනය කළේද? (එම නිර්නායක අනුගමණය නොකළ බව කොමිසම ඉදිරියේ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පිළිගෙන තිබේ)
  • ප්‍රහාර සඳහා යොදාගත් කුඳුළුගෑස් සහ ජලයේ ප්‍රමිතිය, විශේෂයෙන් කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවාද සහ එහි ප්‍රමිතියත් ප්‍රහාරය සඳහා භාවිතා කළ ජලයේ අසූචි මිශ්‍රවීම්, අපජලය මිශ්‍රවීම් ආදිය පිළිබඳ තොරතුරු
  • ප්‍රහාරය සඳහා හමුදාව මැදිහත් කරගැනීමට නියෝග කළේ කවුරුද?
  • කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බලධාරියා කවුරුද?
  • මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු කලින් ලැබී තිබුණාද? ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් කරුණක් තිබේද යන්න පිළිබඳව එම බුද්ධි අංශ තොරතුරු පරීශීලනය කළාද?
  • එම විරෝධතාවයේදී 26 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක් ගනු ලැබූ අතර එම 26 දෙනා තෝරාගත්තේ කුමන කරුණු පදනම් කර ගෙනද?

මෙම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු අප්‍රේල් 20 යළි විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

එම අවස්ථාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නීතීඥ උපුල් කුමරප්පෙරුම, නීතීඥ සුනිල් වටගල, නීතිඥ සඳුන් යාපා කරුණාරත්න සහ නීතීඥ ධරණී අබේරත්න එක්වී සිටියහ.

@Lanka Truth

නවතම ලිපි