SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයට පත්වී වසරක කාලයකදී රුපියල් කෝටි  ගණනක් වටිනා නිවසක් මහනුවර ප්‍රදේශයේ ඉදිකර ඇති බවත්

ඒ සඳහා මුදල් වැය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ නුගේගොඩ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද කීවේය.

“සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල හැමදාම ඇවිල්ල කියනවා මට පරම්පරාවෙන් සල්ලි තියෙනවා කියල.දැන් ඒව නොකියා මේ සඳහා අනීවාර්යයෙන්ම විමර්ශනයක් අවශ්‍යයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා සිදුකරන වංචාවලින් මෙවැනි නිවෙස් ඉදිකිරීම අරුමයක් නෙවෙයි.

 පිලිකා පු 1

 

ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ පිළිකා නාශක ඖෂධ වර්ග 43ක් මිළට ගැනීම සඳහා පසුගියදා කැ ඳවනු ලැබූ ටෙන්ඩරය මගින් අඩු මිළගණන් යටතේ ඖෂධ ලබාගැනීමට හැකියාව තිබියදී වැඩි මිළගණන් ඉදිරිපත් කළ සමාගම්වලින් ඖෂධ වර්ග ගණනාවක් මිළදී ගැනීමයි.

 

පිලිකා 3

 

ඒ වගේම පිළිකා ඖෂධ වර්ග 41ක තොග අවසන් වනතුරු සෞඛ්‍ය ඇමති පොල් ගෑවාද? දැන් හදිසියි කියලා ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා පිළිකා නාශක ඖෂධ වර්ග 43ක් සඳහා. දැන් කියනවා මේ ටෙන්ඩරය තවම අවසන් නැහැ කියලා. හැබැයි කෙහෙළිය බොරු කිව්වෙ.

 

පිලිකා 2

 

මොකද මේ ටෙන්ඩරයෙ අවසන් දිනය ලෙස සඳහන් වෙන්නේ 2023 පෙබරවාරි 17 වැනිදා. ඊට අනුමැතිය පවා ලබාදීල තියෙනවා. එලෙස අවසන් කළ ටෙන්ඩරයේ රුපියල් 2100 ට දෙන්න පොරොන්දු වූ ඖෂධ සමාගමක් තියෙද්දි 6700කට ලබාදෙන සමාගමකින් අරන් තියෙනවා. මේවා මහා අපරාධ. ඒ නිසා තමයි අපි අරගල කරන්නෙ.”

නවතම ලිපි