SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්‍රේනය හමුවේ ලබා ඇති දරුණු පරාජයන් සහ ජිවිත අහිමිවීම් හේතුවෙන් මේ වන විට සිරගතව සිටින කාන්තා රැඳීවියන් යුද පෙරමුණට යොමු කිරීමට රුසියාව තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය සතියේදී රුසියානු සොල්දාදුවන් දහසකට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය සතියේදී යුක්රේනයයේ Donetsk පළාතේ යුද පෙරමුණට පළමු වරට දුම්රිය ඔස්සේ කාන්තා සිරකාරියන් පිරිසක් යොමු කිරීමට රුසියාව කටයුතු කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මෙලෙස යුද පෙරමුණට යොමු කරනු ලබන කාන්තා සිරකාරියන්ට රුසියානු හමුදා සෙබළුන් සඳහා  අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වන සැපයුම් අංශවල රාජකාරි සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.

මේ අතර විවිධ දරුණු ගණයේ අපරාධ සඳහා වැරදිකරුවන් වී සිරගතව සිටින සිරකරුවන් ද යුක්රේන යුද පෙරමුණට යැවීමට රුසියානු රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව යුද පෙරමුණට යන සිරකරුවන්ගේ සිර දඬුවම් කාලය අත්හිටුවීමට සහ මාස 06ක සේවා කාලයෙන් පසුව ඔවුන් ඉන් නිදහස් කිරීමටද පියවර ගෙන තිබේ.

මෙලෙස යුද පෙරමුණට යන සිරකරුවන් රුසියානු හමුදාවන්ට සහය දක්වන පෞද්ගලික හමුදා සේවාවක් වන "වැග්නර්" සමග සේවයට යොදවා ඇත.

@ nethnews.lk

නවතම ලිපි