SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

එවැනි විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හඳුනාගෙන ඔවුන් ගැන රජය මින් ඉදිරියට වාර්තාවක් පවත්වා ගෙන යාමට කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසු බව 'මව්බිම' කියා සිටියි.

මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර එවන් පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියා සඳහා අයැදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් කරගන්නේ යැයි එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට බඳවා ගැනීමේදී රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්දැයි පොලිස් හා ග්‍රාම නිලධාරි වාර්තා ලබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන නමුත් උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී මෙවැනි දේ කෙරෙහි විශේෂ අවධානයක් මේ වෙන තුරු යොමු කර නොතිබිණ.

එහෙත් මින් ඉදිරියට එය විශේෂ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් ලෙස තීරණාත්මක වනු ඇති බව 'මව්බිම' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ‘මව්බිම’ පුවත්පතේ හිමිකරුවේ.

 

@theleader.lk

නවතම ලිපි