SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නැති අතර මැතිවරණ කොමිසමද කටයුතු කරනුයේ දෙකට දෙවාරනේට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ, (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

 

මැතිවරණය පවත්වනවාද ? නැද්ද? යන්න පිළිබඳ සෘජු තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකි විය යුතු වන බවයි රණවක මහතා පෙන්වා දුන්නේ.

 

මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයට අදාළව හේතුව මේ වන විට අනාවරණය වී තිබෙන බවත් එය වෙනකක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන මත සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ 25,000ක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්විය යුතු වන බවත් මැතිවරණය නොපැවැත්වීම හරහා අනාගත මැතිවරණ සඳහාද එය නරක ලෙස බලපානු ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

@Lankanewsweb

නවතම ලිපි