SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (මාර්තු 08) කැලණිය විශ්වවිද්‍යාලය තුළට අනවසරයෙන් ඇතුළු වී සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සහ එක් සිසුවියක් රෝහල්ගත කරන ලදී.

තෙවන වසර කණ්ඩායම් නායක සචින් කස්තුරි ශිෂ්‍යයාගේ වම් කකුලේ මහපටඇඟිල්ල වෙන් වන මට්ටමට ගැඹුරු කැපුමක් සිදුවී තිබුණු අතර ඔහුගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශයට හා හිසට තුවාල සිදු වී තිබේ.

තෙවන වසර ඉරේෂ් මධුසංඛ ශිෂ්‍යයාගේ දකුණු අත උරහිස අසලින් අස්ථි වෙන් වී බරපතල හානි සිදු වූ අතර ඔහු තවමත් කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අතර කඳුළු ගෑස් ප්‍රහාර වැදීමෙන් හා වතුර ප්‍රහාරවලින් මස් පිඬු ඉරී ගිය ශිෂ්‍යාවකුත් මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එසේම ඊයේ දින කොළඹ විශ්ව විද්‍යාලය අසල පැවති විරෝධතාවයන්හිදී ඒ අවට පාසැල්වල දරුවන්ට සහ පාසැල් ගුරුවර දෙමාපියන්ටද කඳුළු ගෑස් වැදීම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු ව ඇත.

 

 

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා සිටියේ විරෝධතා සහ උද්ඝෝෂන පැවැත්වීමට එරෙහිව නීතිය තදින් ක්‍රියාකරනු ලබන බවයි. ඒ අනුව ටිරාන් අලස් ඇමතිවරයා පොලීසිය සහ විශේෂ කාර්ය සාධක බලකාය යොදා ගනිමින් සාමාකාමී උද්ඝෝෂණ තුළ ගැටුම් ඇති කරමින් ෆැසිස්ට්වාදය සහ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරමින් සිසුන් වෙත ත්‍රස්තවාදී ලේබලය අලවනු ලබන බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින්ගේ චෝදනාව වී ඇත්තේ.

 

 

නවතම ලිපි