SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්තු 8 වැනිදා දියත උයන පැත්තේ කාන්තාවන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. ඒක කාන්තා දිනය නිමිති කරගෙන ජාතික ජන බලවේගයට සම්බන්ධ කාන්තාවන් සංවිධානය කරපු වැඩක්.

එතන කිසිම කඩාකප්පල්කාරීන් ක්‍රියාවක් සිදු වුණේ නෑ. ආර්ථිකයට හානි වෙන දෙයක් වුනෙත් නෑ. ඒත් පොලිසිය ඉතාමත් බරපතළ විදියට මේක වලක්වන්න ක්‍රියා කළා. කාන්තාවන්ගේ මැද්දෙන් වතුර බවුසරය එව්වා. මේක පොලිසිය එච්චර වදවෙන්න දෙයක් නෙමෙයි. කාන්තාවෝ පැයක් උද්ඝෝෂණය කරලා යයි. එච්චරයි.

 

මේ උද්ඝෝෂණයේ හිටපු හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඇවිත් මේ ගැන විරෝධය පළ කළා.එතකොට ඇමති කාංචන විජේසේකර කිව්වේ කාන්තාවන්ගේ උද්ඝෝෂණය නිසා ආර්ථිකයට ලොකු හානියක් වෙනවා ඒ නිසා පොලිසිය ඒක වැළැක්වීමට ක්‍රියා කිරීම හරි කියලයි. ඇත්තටම රටේ ආර්ථිකයට කරන්න තියෙන ලොකුම හානිය කළේ කාන්තාවොද? කාන්චන ගේ ලොක්කෝ ටික ද? කියලා ඇහුවොත් කාංචන දෙන උත්තරේ මොකක්ද? මහින්ද, බැසිල්,ගෝඨා, කබ්රාල් කියන සෙට් එක රට අපායට දැක්වුවා.

 

 

 

දැන් රනිල්ගේ පිටේ නැගලා ඒ සේරම ගොඩ යන්නයි හදන්නේ. රනිල්ට තියෙන්නේ ජනාධිපතිකම බේරගන්න විතරයි. ඒක ලැබුණු අවුරුදු දෙක ගත කරන්න හදන්නේ මර්දනයෙන්. මොකද ජනතා කැමැත්තක් නැති නිසා රනිල්ට ඉන්න  වෙන ක්‍රමයක් නැහැ. දැන් රටේ ජනතාව පම්ප් එකක් ගහන්න පාරට බැස්සත් කඳුළු ගෑස් ගහන තත්ත්වයක් තියෙන්නේ. මාර්තු 7 වැනිදා සිසු විරෝධතාවකට කඳුලු ගෑස් ගහලා  කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් මියගිය බව වාර්තා වුණා. ඒ කඳුළු ගෑස් ගැහුවෙ විශ්ව විද්‍යාල භූමිය තුළ හිටපු සිසුන්ට. මේ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් වාර්ථාවෙනවා. උද්ඝෝෂණ එපා කියලා අධිකරණ නියෝගය තිබුණේ පාරට අදාළව විතරයි. පොලිස්පති, රනිල් කියනවාටත් වඩා උඩින් වැඩේ කරන බව පේනවා. අනෙක් එක කැරලි මර්දන පොලිසිය කියලා එන නිලධාරීන් අතේ ගිනි අවියට අමතරව පොලු තියෙනවා. එතකොට මේක පොලීසියද මැර හමුදාවක් ද? අනික් එක ශිෂ්‍යයො වගේම උද්ඝෝෂණ වලට යන මහජනයා දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒ අය ඉස්සර  පොලිසිය සහ හමුදාව එකෙන්ම සතුරන් ලෙස සැලකුවා.

 

දැන්  මේ ශිෂ්‍යයොයි ජනතාවයි පොලීසියට සහ හමුදාවට සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කරනවා. අපි නියෝජනය කරන්නේ ඔබේ සහ ඔබේ පවුලේ දුවා දරුවන්ගේ ප්‍රශ්නයයි කියලා ඔවුන් අවි අමෝරාගෙන ඉන්න පොලිසියට කියනවා. පොලිසිය ගල් බිල්ලෝ වගේ අහගෙන ඉඳලා කොල්ලන්ට රිඹ යන්න දෙනවා. ඕනෑවට වඩා කියන එකා වගේම එපා කියන්න කියන්න ගහන එකාත් මෝඩයා කියලයි කියන්න වෙන්නේ. අනුර දිසානායක නම් අවස්ථා කීපයකදීම කිව්වා සමහර පොලිස් නිලධාරීන් අනුරගේ පිටරට තට්ටු කරලා කියනවලු අපිත් ඔය සහෝදරයාට තමයි කියලා. එහෙම තට්ටු කරන මානසිකත්වයේ ඉන්න එකෙක්වත් කොල්ලන්ට ගහන්න එන සෙට් එකේ නැද්ද? නැත්නම් අනුර පොලිසියේ මානසිකත්වය වෙනස් කරන්න හිතාගෙන බොරු කියනවා වත්ද?

 

 

රනිල් නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා කඩාකප්පල් කරන්න ආවොත් ගහනවා ම තමයි කියලා. කියපු දවසෙම  හවස කොළඹ විශ්ව විද්‍යාලය ගාවදි බැස්ටිය දුන්නා. හැබැයි ශිෂ්‍යයෝ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න නෙමෙයි ආවේ. කොල්ලො නියෝජනය කළේ මහජන ප්‍රශ්න. රනිල් බලයෙන් උමතු වෙලා ඉන්න නිසා මේ මොකවත් පේන්නෙ නැහැ. එයා නොකියා කියන්නේ මාව වට්ටන්න ආවොත් මම ගහනවා කියලයි. ඇත්තටම පොලීසියයි හමුදාවයි මීට වඩා කල්පනාකාරී වනවානම් හොඳයි.

 

ඒත් හැමදාම මේ මිනිස්සු කාගෙ හරි. අණක් පිළිපදිනවා මිසක් හිතලා මතලා තීරණයක් ගන්නෙ නෑ. හමුදා ආණ්ඩුවක් යම් කෙනෙක් හදන්න ගියොත් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒත් ලංකාවෙ නම් එහෙම එකක් හදන්න කොහොමටවත් බැහැ. මොකද හමුදාවට එහෙම දේකට කොන්දක් නෑ. ඒ අය හැමදාම කළේ ගහපං කිව්වම ගහන එක විතරයි. ඔය විදිහට අනාගතයේ සජිත්  ජනාධිපති වෙලා කිව්වත් පොලිසිය අපිට ගහනවා. අනුර ජනාධිපති වෙලා කිව්වත් අපිට ගහනවා. ඒ නිසා පොලිසියයි හමුදාවයි ගැන  න්‍යායික තේරුම්  වලින් පිට පැන හිතන එකේ කිසිම තේරුමක් නැහැ.

@විමලනාත් වීරරත්න

නවතම ලිපි