SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඔවුනුයි නිර්වචනය කර දෙන්නෙ, ත්‍රස්තවාදය කියන එකත් ඔවුන් නිර්වචනය කරනවා, පුරවැසියන් උද්ඝෝෂනය කරන්න ඔිනත් ඔවුන් කියන විදිහටයි.

මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, මේකට තමයි ෆැසිස්ට්වාදය කියන්නෙ. මේක තමයි ඒකාධිපතිකම කියන්නෙ.

 

මෙහෙම තමන්ගෙ පොලීසියත්, හමුදාවත් පාවිච්චි කරමින් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් අද වැනි දිනයකත් මේ විදිහට අමු අමුවේම උල්ලංඝනය කරන ආණ්ඩුවක්නම්, මේ ආණ්ඩුව වෙනස් කරනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.

 

"අඩුම තරමේ කාන්තා දිනය දවසෙවත් කාන්තාවන් තමංගෙ ප්‍රශ්න කියල සාමකාමී ලෙස උද්ඝෝෂනය කරන්න කාන්තාවන්ට ඉඩක් නැහැ"

 

ඊට එරෙහිව ගැටුමක් ඇති කිරීමට පොලීසියේ ඉහළ නිළධාරීන් කටයුතු කළ ආකාරය ඉතා භයානක බව පවසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළාය. මෙම ප්‍රකාශය අතරතුර කාංචන විජේසේකර අමාත්‍යවරයා සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා එම කතාවටද මැදින් පැන බාධා කළ අතර හරිනි ඔවුන්ට එරෙහි වෙමින්ම තම අදහස් දැක්වීම කරගෙන ගියාය.

සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්..

නවතම ලිපි