SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුපියල ශක්තිමත් වීම පිළිබඳව විශේෂ කතාවක් කළ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මාර්තු 08 අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සිහිපත් කරමින්

මේ ආර්ථික අර්බූධයේ සම්පූර්ණයෙන්ම ප්‍රධාන බැරෑරුම් වගකීම ගිහින් තියෙන්නේ පවුලේ ගෘහණියට බව ප්‍රකාශ කරමින්ම තම කතාව ආරම්භ කළේය.

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විවෘත වෙළඳ පොළේ ඩොලරයේ අගය මේ වනවිට ආණ්ඩුවේ බැංකුවල ඩොලරයේ අගයටත් වඩා අඩුව ඇති තත්ත්වයක් තුළ උන්ඩියල්, හවාලා ආදිය ගැන තිබූ උනන්දුව, ආකර්ශනය මේ වනවිට නැතිවී ගිහින් තිබෙන බවයි.

 

මේ මොහොතේ මහ බැංකුව රුපියල වෙළඳපොලට අවශ්‍ය විදිහට පාකර හැරිය යුතු බව ප්‍රකාශ කරන පාඨලී රණවක මන්ත්‍රීවරයා රුපියල දිනෙන් දින මෙලෙස ශක්තිමත් වන්නේ කොහොමද යන්න ගැන සුවිශේෂී විග්‍රහයක් සිදු කරනු ලැබිනි.

 

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ පාර්ලිමේන්තු කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

 

“රුපියල ශක්තිමත්නම්” සීමා ඉවත් කරන්න..!

 

මේ අතර ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසන්නේ,  ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ය.

 

රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.

 @Ladyleader.lk

නවතම ලිපි