SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට අදාල ලිපිය මේවනවිට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බැවින්  මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.


ඒ, පොලිස්පති තනතුරට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර පවතින තරඟය හේතුවෙනි.


මීලඟ පොලිස්පති පත්කරන්නේ කෙසේ ද?

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඇති ක්‍රියාපටිපාටිය කෙසේදැයි 'නෙත් නිවුස්' කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා අදහස් දක්වල තිබුණේ මෙසේය.

 

 

පොලිස්පති තනතුර සඳහා තාවකාලික පත්කිරීමක් හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා ද ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දීමක් කළ යුතු බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පෙන්වා දී ඇත.

  

 

මේ අතර කාලයක් තිස්සේ පොලිස්පති තනතුර බලාපොරොත්තුවෙන් ඉන්නා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වර්තමාන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ ලගම හිතවතකු වන නිසා ඔහුට මෙම තනතුර හිමිවේදැයි පසුගිය දිනවල බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවකි.

 

මේ පිළිබඳව lankadawasa.com වෙබ් අඩවිය මේ පිළිබඳව පසුගියදා අනාවරණයක් සිදුකර තිබුනි.

 

තෙදිනකට කලින් දේශබන්ධු ගේ ප්‍රධාන ගැලවුම්කාරයා වූ ටිරාන් අලස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූයේ දේශබන්ධු ගැන රනිල් ගේ තීරණය දැනගැනීමේ අදහසිනි. නමුත් ඒ හමුව අවසානයේ ටිරාන් අලස් ට සිදු වූයේ නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ හිස් අතින් ජනාධිපති ලේකම්‍ කාර්යාලයෙන් පිටතට ඒමටය.

 

"ඒ හාදයා ඩ්‍රග් ඩීලර්ස්ලා එක්කයි, පාතාලෙ එක්කයි ඉන්නෙ. මං කොහොමද එහෙම මිනිහෙක් IGP කරන්නෙ. ටිරාන් ඒ ගැන කතා කරන්නවත් මේ පැත්තෙ එන්න එපා"

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිරසාර ලෙස කියා සිටියලු.

 

දේශබන්ධුට ඔින ජේවීපී එකට ගහන්න..

 

"දේශබන්ධු ට ඕනෙ ජේවීපී එකට ගහන්න. මිනිහ එන්නෙම ඔය වැඩේට. සජිත් නම් මිනිහට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂෙ ගොඩක් දෙනෙක් එයාට කැමති නෑ. සජිත් ඉතින් ඔයාගෙ Brother in a another Mother නෙ." රනිල් හිනාවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ටිරාන් ගේ මූන දෙසවත් නොබලමිනි.

 

අපි ඩිසයිඩ් කරල ඉවරයි..

 

"අනික අස්ගිරි මල්වතු හාමුදුරුවෝ කැමතිත් නෑ. කාදිනල් නම් කොහොමත්ම කැමති නෑ දේශබන්ධු එනවට. කොහොමත් ම ඒ වැඩේ වෙන්නෙ නෑ ටිරාන්. මට ඒ ගැන කතා කරන්න එන්න එපා. අපි ඩිසයිඩ් කරල ඉවරයි දැන් ඉන්න කෙනාට Extension එකක් දෙන්න. ඊට පස්සෙ උනත් ඉතින් දේශබන්ධු ට ලැබෙයි කියලා හිතන්න බෑ. තව කීපදෙනෙක් ම ඉන්නවනෙ."

 

ටිරාන් යමක් කියන්න තටමද්දී විනාඩි 8 ක කතාබහ අහවර කළ රනිල් නැගිට ගියේ ටිරාන් ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමින්ලු. මේ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලැබෙනු ඇත.

මේ අභාවාචක සිදුවීමෙන් පසු දේශබන්ධු ගේ කුලී ලියන්නන් පිරිස කුඩු ශිරාන් බාසික් ගේ වැල්ලවත්ත පිහිටි පර්ල් බීච් හෝටලයට එක්වී "දැන් ඉතින් අපි කුමක් කරන්න ද?" කියා සාකච්ජා කර ඇත.

Lankadawasa වෙබ් අඩවියේ ආරක්ෂක කටයුතු වාර්තාකරු සටහන නිමා කරල තිබුණේ එලෙසින් ය.

 

රනිල්ගේ පැතුම අනුර වීම..

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අනාගත අපේක්ෂාව වන්නේ මීළග ජනාධිපතිවරණයකින් ජනාධිපති තනතුරට පත්වීම වුවද එය එසේ නොවන්නේ නම් ඔහුගේ පැතුම වන්නේ අන් කිසිවෙක් නොව අනුර දිසානායක ජවිපෙ නායකයා ජනාධිපතිවරයා ලෙස දැකීමත්, ඉදිරියේදී ලංකාව තුළ දේශපාලන කඳවුරු දෙකක් ප්‍රභූ පන්තිය සහ නිර්ප්‍රභූ කඳවුර ලෙස ගොඩනැගීමත් ලෙස රනිල් ට හිතවත් දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත.

 

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සහ දේශපාලන භාවිතාවන් පිළිබඳව යම් කෙනෙකුට බොහෝ කාලයක සිට යම් අදහසක් පවතින්නේ නම් කිවයුතු දෙයක් ඇත. එනම් විධායක ජනාධිපති තනතුරට පත්වන්නට පෙර සිටි රනිල් වික්‍රමසිංහ නම් ලිබරල් දේශපාලනඥයා එම තනතුරට පත්වීමෙන් පසුව හමු නොවනු ඇති බවයි. මේ දෙදෙනා දෙදෙනෙක් බව එජාපයේ ලගම හිතවතුන් පවා තවමත් හඳුනා නොගන්නවා විය හැක.

 

පුවත් උපුටාගැනීම්, @Theleader.lk  සහ @ lankadawasa.com

නවතම ලිපි