SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව, කල් දැමුණ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දීමට අද පැවති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමේදී තීරණය කොට ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැන නැඟුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතුකොට ගෙන 2023.03.09 දින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව හා ඒ සඳහා අප්‍රේල් මස 25 වඩා සුදුසු වන බව ද මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.


ජනපති රනිලුත් ඡන්දය තියන දවසක් කියයි !

කෙසේවුවද අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බවය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී  විපක්ෂයට ආරාධනා කළේය.

මහජනයාගේ භාෂණයේ අයිතිය පිළිගත් ජනාධිපතිවරයා, ඕනෑම ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවකට මුහුණ දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, තවත් ජූලි 09 වැනි තත්ත්වයක් යළි රට තුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් ඉල්ලා සිටි අතර රට තුළ අරාජිකත්වය වැළැක්වීම සඳහා කැප වූ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ස්තූතිය පුද කළේය.


මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසම මගහැරියාද?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ දී අද පෙරවරුවේ පැවති සාකච්ඡාවට පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම සාකච්ඡාවට සහභාගී නොවූ බවයි.

 

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මෙසේ සඳහන් කළේය. 

 

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 3 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එදින පෙත්සම විමසා බැලීමට ලක් කෙරුණ අතර පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා ගැනීම ද වළක්වමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.  

අධිකරණ නියෝගයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 වැනිදාට පෙර දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ, පසුගිය 3 වැනිදායි.  

උපුටාගැනීම - theleader.lk

නවතම ලිපි