SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

 

ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (03) පෙත්සම විමසා බැලීමට ලක් කෙරුණ අතර පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා ගැනීමද වළක්වමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

 

මේ අතරෙ තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පසුගියදා ලංකා රජයට දන්වා ඇත.

 

ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විශේෂ සම්බන්ධතා කමිටුවේ සභාපති රොබර්ට් මෙනෙන්ඩෙස් ට්විටර් පණිවුඩයක් යොමුකරමින්, "ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඩ උදුරාගැනීමට ගන්නා ඔිනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක්" ලෙස දැනුම් දී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයක් සම්බන්ධයෙන් ඉතිහාසයේ කිසිදු නායකයකු නොකළ ආකාරයේ විකට රංගනයක් සිදුකළ නායකයකු ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ හැසිරීම සමග ප්‍රසිද්ධියට පත් විය.

 

පුවත උපුටාගැනීම - @ newsfirst.lk

නවතම ලිපි