SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වර්තමානයේ රට පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබුණහොත් ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

 

මේ වනවිට තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පවා අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ රෝහල්වල හිගව පවතින අතර, රට හැර යෑම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බූධයන්ව පවතින්නකි.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට මුදල් වෙන්කර දී තිබියදී පවා අත්‍යවශ්‍ය බෙහෙත් ගෙන්වාගැනීමට නොහැකිව පවතිද්දී ඔහු ක්‍රියාකර ඇත්තේ ‌‌ශෛල්‍යකර්ම තාවකාලිකව නවතා දැමීම වැනි මුග්ධ යෝජනාවන් ගෙන එමිනි.

 

විශේෂයෙන් පිලිකා රෝගීන්ගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් බරපතල ගැටළු මතුව ඇත. එහිදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් ඇති රාජිත සේනාරත්න වැන්නෙකු පත්කිරීම පිළිබඳ සුභවාදී බලාපොරොත්තු දල්වා ගැනීම පිළිබඳවද වරදක් කිව නොහැකිය. එහෙත් කවරෙකු පත්වුනද ජනතාව වඩා හොඳින් මේ ඖෂධ මාෆියාව පිළිබඳව විමසිලිමත් විය යුතුය.

 

තවත් අමාත්‍යධුර කිහිපයක් පත් කරන බවට පළ වන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට මන්ත්‍රීවරයා කියා සිටියේ ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත් කරනවා මෙන්ම ඉදිරියේ එන ආණ්ඩුද ඒවා සිදු කරන බවය.

කෙසේ වුවත් මේ සියල්ල රනිල් වික්‍රමසිංහ ගේ තවත් ඩ්‍රාමා එකක්ද විය හැකිය. ඔහුගේ රංගනය කෙසේ වෙතත් ඖෂධ හිගය සහ රෝහල්වල ඇතිව ඇති අර්බූධය රජය විසින් කඩිනමින් විසඳිය යුතුය.

නවතම ලිපි