SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උදව් කිරීමට අවශ්‍යතාව ඇතත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා උදව් කිරීමට උදව් නොකරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 

දැන් මේ ජනාධිපතිවරයා පත් වෙලා මාස නවයක් විතර වෙනවා. එයා ආපු ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අරගෙන මේ රට බංකලොත් භාවයෙන් මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ. මට මතක විදිහට වජිරලා නම් කිව්වේ මාසයක් හෝ තුන් මාසයක් ඇතුළත කියලා. දැන් මාස 9 කුත් ගිහිල්ලා. නමුත් මේ වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් කිසිදු ණය හිමියෙකු ගෙන් හෝ බංකොලොත් භවයෙන් මිදීම සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් සිද්ධවෙලා නෑ.ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ රටට උදව් කරන්න ඕන වුනත් මේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා ඒගොල්ලන්ට උදව් කරන්න බැහැ.එක පැත්තකින් චීනයේ එකඟතාවය ඕන තව පැත්තකින් ඉන්දියාවේ එකඟතාවය ඕන.අපේ සමස්ත ණය බරෙන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ චීනයට. චීනයේ merchant bank එක මං දන්නා තරමට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළේ ඉන්න නිසා , මේක ජාත්‍යන්තර ගණයට දැම්මහම, ලංකාව අරන් තියෙන සමස්ත ණය ප්‍රමාණයෙන් චීනයෙන් අරන් තියන ණය ප්‍රමාණය සියයට 48 කට බහිනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට rare situation එකක් තියෙනවා, චීනය උදව් කරන්නේ නැති නම් සෘජු තීරණයක් අරගෙන අපිට උදවු කිරීමේ හැකියාව.අතීතයේදී එහෙම රටවල් තුනකට කරලා තියනවා. යුක්රේනය ස්වනාම් සහ ඝානා කියන රටවල්.

 

අපි දන්නවා ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර අරමුදල එවැනි උදව්වක් කරන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා නම්.ඊයෙ ඇමරිකාව පැහැදිලිව කියලා තිබුණා මේ මැතිවරණය කල් දාන්නෙ නැතුව තියන්න කියලා. ඊට පෙර පැමිණි ඇමෙරිකානු අතිරේක ලේකම්වරියකුත් ජනාධිපතිවරයාට ප්‍රකාශ කරලා තිබුණා ඡන්දය තියන්න කියලා.

 

මා දන්නා තරමට බටහිර රටවල් ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛතාව දෙන තරමටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා නම්, ඔය කිසිදු රටකින් අපට සහයෝගය ලැබෙන්නේ නැහැ. ජනාධිපති කියනවා , අන්න එනවා, මෙන්න එනවා, දෙසැම්බර් කිව්වා මාර්තු කිව්වා ,මාර්තුවලත් imf ලැබෙන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ සැලැස්ම තමයි තවදුරටත් බදු බර සහ පොලී අනුපාත වැඩි කරමින් ඒ හරහා ජනතාවගේ ජනතාවගෙන් රීරි මාංශ උරා බීලා, සංචිතය වැඩි කරලා පෙන්නලා, ඔන්න මං සංචිතය වැඩි කරා කියලා කියන්න හදන්නේ. මොකද එයා හිතනවා නොවැම්බර් මාසේ එයාට ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන් වෙයි කියලා පොහොට්ටුවේ සහයෝගයෙන්. ඇත්ත වශයෙන්ම ජනමතය කින් ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුට තමයි අවුරුදු හතර ඉක්ම උනහම ජනාධිපතිවරණයක් කැඳවා ගන්න පුළුවන් වෙන්න.මෙයා ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නොවන නිසා, මෙයාට ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් නැහැ.එතකොට එයාට ජනාධිපතිවරණය කැඳවන්නත්, එකේ කැම්පේන් එක හැටියට මෙන්න භාණ්ඩාගාර සංචිතය මම මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරා කියලා පෙන්නන්නත් , මොකද ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්, අපි දැන් ණය ගෙවන්නේ නැහැ, ආනයන තහනම් එම ආකාරයෙන්ම පනවලා තියෙනවා, බදු බර බඩු මිල උද්ධමනය අහස උසට නග්ගලා තියෙනවා . එතකොට ජනතාවගේ රීරි මාංශ උරා බීලා එක පුද්ගලයෙක්ගේ වුවමනාවට තමයි මේ සියල්ල කරන්න හදන්නේ.

 

එතකොට ඇමරිකාව හෝ imf ඕක නුදුන්නත් කමක් නෑ කියලා ඔහුගේ යටි හිතේ තියනවා, එයාට ජනාධිපතිකමේ තවදුරටත් ඉන්න පුලුවන්නම්. හැබැයි එයාට තේරෙන්නෑ මෙ විදුලි බිලත් එක්ක, දැන් ඇඟලුම් අපනයනයෙන් තමයි අපිට අවුරුද්දකට ඩොලර් මිලියන 13,000 කට ආසන්න ප්‍රමාණයක් අපිට එන්නෙ. එතකොට අද ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්හල් වලට මේ විදුලිබිල යි මේ බදු බරයි දරාගන්න බැහැ. එතකොට සේවකයින්ට ප්‍රසාද දීමනා සහ දිරිදීමනා නැහැ. එතකොට කොම්පැනි කඩන් වැටෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා.මං පෞද්ගලිකව දන්නවා සමහර ආයතනයක දෙසීයක් විතර වැඩ කරනවා නම් , කලින් වතාවෙ වැඩි කරපු විදුලි බිලට අමතරව, මේ වතාවෙ විතරක් මාසෙකට ලක්ෂ 65ක් විතර විදුලි බිල වැඩි වෙනවා . එතකොට මොකද වෙන්නේ ආදායම වැඩි වෙන්නේ නැතුව සමාගම් වල වියදම් වැඩි වෙනවා නම් ,සමාගම් හකුල වන්න වෙනවා. සමාගම් හකුලන කොට ඉස්සෙල්ලාම රැකියා කප්පාදුව තමයි සිද්ධ වෙන්නේ. අපේ රටේ ජනතාවට ඇත්තටම තරු විසි වෙන්න පටන් ගන්නේ මේ මාර්තු මාසේ මැද ලයිට්බිල ආවම. අවසානයේදී මොකක්ද වෙන්නේ නිෂ්පාදනය අඩු වෙනවා,අපනයනය අඩු වෙනවා , ආදායම අඩු වෙනවා .රැකියා නැති වෙනවා.

 

ඊලගට මොකක්ද කරන්න හදන්නේ. දැන් මෙයාට මේ රටේ ජනතාවගෙන් වෘත්තිකයන්ගෙන් පලිගැනීමේ චේතනාවක් ද කොහෙද තියෙන්නේ.මේ තත්ත්වය යටතේ මේ රටේ වෘත්තිකයන් රට හැර දාලා වෙනත් රටවල් වලට බුද්ධි ගලනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඇයි දැන් මෙහෙම කරන්නේ. තනි පුද්ගලයෙකුට නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්න , පරදින එක වෙනම කතාවක්, තනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ ආශාව නිසා .ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා මේ රටේ ඉපදුනේ, මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ, මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඔබතුමා ජීවත් වෙන්නේ, මෙහෙම මිනිසුන්ගෙන් පළි මිනිස්සුන්ගෙන් පලිගන්න එපා, මේ රටට මේ අපරාධය කරන්න එපා.ඒ නිසා දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය රැකලා , මේ රටේ පුරවැසි නිදහස තියෙනවා කියලා ජාත්‍යන්තරයට සහතිකයක් දීලා, මං කොළඹ භාවයෙන් මිදිලා ක්‍රමානුකූලව එළියට එන්න ඕනේ. ඒ නිසා විපක්ෂය විදිහට අපි ඒ පිළිබඳව එතුමාට කියනවා.එතුමාට යෝජනා දෙනවා . වගේ වගක් නෑ. එතුමා කියනවා ඡන්දයක් නෑ කියලා. හැබැයි රාජ්‍ය ආයතන වල ඉහළ ප්‍රධානීන් හැසිරෙන්නේ ඡන්දයක් තියෙනවා කියලා. එතුමා කියනවා නම් ඒ ඡන්දය ආන්ඩු මාරු කරන ඡන්දයක් නෙමෙයි කියලා, එහෙනම් මේ ඡන්දය තියලා පෙන්නන්නකෝ.අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතයි, ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිතයි, මාධ්‍ය නිදහස සුරක්ෂිතයි කියලා.අපි එතුමට කියන්න කැමතියි මේ තාම අපි පටන් ගත්තා විතරයි.එයා හිතනවා නම් පොලිසිය හමුදාව දාලා මර්දනය කරන්න පුළුවන් කියලා ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. එතුමා උඹට මතක තියාගන්න ඕන හමුදා නිලධාරියෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ , ජනතා මතයට ඇහුම්කම් නොදී වැඩ කරනකොට ජනතාව පාරට බැස්සම, හමුදාව ගෝඨගේ නියෝග පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ වගේ ඡන්දයෙන් පත් නොවිච්ච තනි පුද්ගලයෙක් සහ කණ්ඩායමක් පමණක් සතුටු කරන ජනාධිපතිවරයෙක් ගේ නියෝග තීරණාත්මක මොහොතකදී පොලිසිය හමුදාව පිළිගන්න එකක් නෑ කියන එකයි මගේ විශ්වාසය.දිගින් දිගටම මෙහෙම ගියොත් අපිට තියෙන්නෙ ජාත්‍යන්තර අධිකරණයට යන්නත් ජනතා අධිකරණයට යන්නත් .ඒ දෙකම අපි කරන්න බලාපොරොත්තු වෙනවා.ඒකෙ අවසාන ප්‍රතිඵලය ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට නෙමෙයි ඔහුව පන්නන එක කියලා පැහැදිලිව කියනවා.

 

– Media unit

නවතම ලිපි