SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසා ඇත.

ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විශේෂ සම්බන්ධතා කමිටුවේ සභාපති රොබර්ට් මෙනෙන්ඩෙස් මහතා ට්විටර් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකා රජයට පවසන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි.

 

"ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඩ උදුරාගැනීම ගන්නා ඔිනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක්"

යැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් පණිවුඩය මගින් පවසා ඇත.

 

හදිසි කැබිනට් රැස්වීමක්!

මේ අතර හදිසි කැබිනට් රැස්වීමක් සඳහා ජනාධිපති වික්‍රමසිංහ දැනුම් දී ඇති බවද වාර්තා වේ.

 

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

පාර්ලිමේන්තු වාරාවසාන කිරීමත් සමග අහෝසි වූ කමිටු සහ කොමිෂන් සභාවන්හි සාමාජිකයින් නැවත පත්කිරීම පිළිබඳව මේ දිනවල සිදුවන අතර මැතිවරණ කොමිසම පත්කිරීම වෙනුවෙන් නාම යෝජනා ලබාදුන් අය අතර හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සිටින බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සහ සලකා බලමින් පවතින බවට පළවන වාර්තා IMF ප්‍රතික්ෂේප කරයි

මේ අතර පසුගියදා IMF ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහය නිල වශයෙන් නොලැබුනත් ශ්‍රී ලංකාවට ලබාදීමට සාකච්චා වෙමින් ඇති ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන බව හෙළි කර තිබුනි.

එම වාර්තාවේ දැක්වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට යම් පාර්ශවයක් සහය නොදක්වන විශේෂ අවස්ථාවක පමණක් යොදා ගන්නා ක‍්‍රමයේදයක් මත එම ණය පහසුකම හිමිවනු ඇති බවයි.

එහෙත් මීට ප්‍රතිචාර දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ ණය ගැනීමට නම් චීනයේ මුල්‍ය සහතිකය අනිවාර්ය බවයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල් ලබා ගැනීම සඳහා මුල්‍ය කමිටු අනුමැතිය ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් චීනය ඇතුළු ද්විපාර්ශික ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබාගැනීම බව එම අරමුදලේ ආසියා පැසිපික් කලාපය ප්‍රධානි ක‍්‍රිෂ්ණා ශ‍්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර ඇත.

චීනයේ මුල්‍ය සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සහ සලකා බලමින් පවතින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ඔහු චීනයේ සහතිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම ඉතාම වැදගත් බවද කියා සිටී.

ශ්‍රී ලංකාවට එම ණය මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය සහතික ණය හිමියන්ගෙන් කඩිනමින් ලබා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

 

බැංකු පොළිය ඉහළ දමන්න IMF කියයි

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට බැංකු පොළිය තවත් ඉහළ නැංවිය යුතු බවටද යෝජනා ලබාදී ඇති බව වාර්තාවේ.

 

2023/03/01

Ladyleader

නවතම ලිපි