SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායකට ජීවිත අවදානමක් ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

විවිධ පාර්ශ්වයන් විසින් මේ බව දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවත් හඳුන්නෙත්ති පවසයි.

 

1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා මෙන් මෙවරද ජාතික ජන බලවේගයද ඇතැම් විට තහනම් කිරීමට උත්සාහ කරනු ඇති බවට සැකයක් පවතින බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

 

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

 

 

 

පුවත උපුටාගැනීම - @lankacnews

නවතම ලිපි