SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

26 වෙනි ඉරිදා අනුරගේ ජාතික ජන බලවේගයත් ඇවිත් කොළඹ වට කළා. මීට ඉස්සෙල්ලා සජිතුත් එයාගෙ සමගි ජන බලවේගය එක්ක ඇවිත් කොළඹ වට කළා.

දැන් දෙන්නම වැඩේ කරලා ඉවරයි. හැබැයි මොකුත් වුනේ නං නෑ. පලාත් පාලන ඡන්දෙත් නෑ. රනිල් පැන්නුවෙත් නෑ.

 

සජිත් කොළඹ වට කළේ පලාත් පාලන ඡන්දය ඉල්ල ගන්න. රනිල් එලවනවා කියන එක සජිත් එච්චර Target කළේ නෑ.

අනුර කොළඹ වට කළේ පලාත් පාලන ඡන්දත් අරගෙන රනිලුත් එලවලා බලය ගන්න. මොකද අනුරම තමයි කිව්වේ, අපි දවස කියන්නම් ඔයාලා එන්න කියලා. පලාත් පාලන ඡන්දය දිනා ගන්න විතරක් නෙවෙයි රනිල් එලවන්නත් එක්ක එන්න කියලා.

 

අනුරලාගේ ඔළුවේ මොනවා තිබුණත් ජනතාව ආවේ ඒ අරමුණෙන්.

එහෙම පොඩි පොඩි විවේචන තිබුනත්, ඒක සටන්කාමී අරගලයක්. ඒක නෑ කියන්න කාටවත් බැහැ.

ඒ නිසාම පොහොට්ටුවේ කට්ටියට හොඳටම රිදිලා ..

 

මහින්ද පතිරණල, එරන්ද ගිනිගේල, මාතලන්ල විතරක් නෙවෙයි අජිත් පැරකුම්ලත් කිසිම හිරිකිතයක් නැතිව ජාජබයට ගහල පෝස්ට් ලියනව. අවුරුදු තිහකටත් වැඩි කාලයක් ගෙවුනු 88/89 භීෂන යුගය මතක් කරනව.

 

මේ අතරෙ ආධාරකරුවෝ පොලිසියත් එක්ක හැප්පෙද්දී අනුර කඩයකට පැනලා මාරු වුනා කියල ලොකු ශෝෂල් මිඩියා කැම්පේන් එකක් පටන් අරන්. සජබේ කට්ටියත් ඒකට බැක් කරන පාටක් තමයි තිබුනේ..

 

 

 

'' 26 වෙනිදා හවස ඉඳන් තාමත් බුකියෙ රාජපක්‍ෂවාදීන් හා වික්‍රමසිංහවාදීන්ගෙ වැඩේ අනුර කඩයක් අස්සෙ හැංගුනා කියල නොයෙක් ජාතියෙ මඩ ප්‍රචාරය කරල ගොන් ආතල් ගැනීම. ඒත් ඇත්තටම එතන උනේ මොකක්ද?

පොලිසිය ජල ප්‍රහාරයි, කඳුලු ගෑස් ප්‍රහාරයි, බැටන් පොලු ප්‍රහාරයි දීල විරෝධතාකරුවන් සීසීකඩ විසිරෙව්වට පස්සෙත් දිගටම ගහන එක වලක්වගන්න අනුරත් කඳුලු හා ගෑස් ජල ප්‍රහාරවලට ලක් වෙලා පොලීසිය ගාවට වේගෙන් එනව. එයා අනිත් අයට එන්න එපා කියලත් කියනව. ඒත් එයාගෙ පස්සෙන් තවත් විරෝධතාකරුවො පස්සෙන් එනව.

අනුර පොලිසියට කියනව දැන්වත් ඔය ගැහිල්ල නවත්තන්න කියල. එතකොට එතනටත් කඳුලු ගෑස් ගහනව. ඒ වෙලාවෙ එතන හිටපු එයාගෙ පක්‍ෂයේ අය එයාව කවර්කරගෙන අර කඩේ අස්සට රිංගනව. දැන් ඒක වැරදිද? කාටද පුලුවන් කඳුළු ගෑස් ඉවසන්න. මතක තියාගන්න ඊයෙ උස බිල්ඩිමක් උඩ ඉඳලත් කඳුලු ගෑස් ගැහැව්ව. මේ ගොල්ල නායකයො ටාගට්කරලත් ගහනව. ''

එහෙම කියල තිබුනේ කලම්බෝ ටෙලිග්‍රාෆ් එඩිට Uvindu Kurukulasuriya. උවිඳු කියන්නේ කැම්පස් යන කලේ ඉඳල පට්ට JVP විරෝධියෙක්. හැංගිලා නෙමෙයි එළිපිටම ගේම ඉල්ලපු කෙනෙක්.

 

ඊයේ රෑ (27) ස්වර්ණවාහිනී නාලිකාවෙ ‘ඉර’ වැඩසටහනට එක්වූ  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගෙන් මාධ්‍යවේදී සද්ධා මංගලත් සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙන මෙම ප්‍රශ්නය ඇසූ විට අනුර පිළිතුරු දුන්නේ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරද්දී ඒවායින් ආරක්ෂා වීම සිදුකළ යුතු බවත්, එසේ නොවී බොරු වීරත්වයන් මැවීම හෝ ලාබෙට ජීවිත නොදෙන බවත් එසේ වුවත් සටන අතහැර යන්නේ නැති බවයි.

 

අනුරගේ ඔය සීන් එක ගැන උවිඳු මෙහෙමත් කියනවා.

''උදාහරණ කියනව නම් ජේආර් තහනම් කරපු උද්ඝෝෂණයක් කරල එවකට හෑත්තෑ ගාණක් වයසක සම සමාජ නායකයගෙ - ආචාර්ය කොල්වින් ආර් ද සිල්වගෙ -  කකුලටම කඳුලු ගෑස් එකක් ගැහැව්ව. ඒ ඇති උන තුවාලයෙ වේදනාව ඔහු මරණය දක්වා අරන් ගියා. ආයෙ පස්සෙ නායකය උන බර්නාඩ් සොයිසත් තහනම් කරපු සත්‍යග්‍රයහයක් නුවර මහ මලුවෙ කරල, එයාටත් දැන දැනම බැටන් පොලු පහරක් දුන්න.

මේවට යනකොට නිකන් බෙල්ල දෙන්න යන්න හොඳ නැහැ ආරක්‍ෂක ක්‍රමත් අනුගමනය කරන්න ඕන. අනුර මොකක්වත් පාවාදීලත් නැහැ බියගුලුව හැසිරිලත් නැහැ. එයාගෙ සගයො එයාව ඒ කඩේ අස්සට ගත්ත එකත් හරි"

 

මැතිවරණය කල් දැමීම ගැන පාර්ලිමේන්තුවෙදි වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතා කරපු ආකාරයත්, ආණ්ඩු විරෝධී විශාල ජනකායක් එක්ක අනුර කුමාර දේශපාලනයට මුහුණ දෙන ආකාරයත් දැක්කම දේශපාලන ලෝකෙ පියවරු වුනු කුරුඳුවත්තෙ වික්‍රමසිංහලාට අනුරාධපුරයෙ අනුර කුමාරලාගෙනුත් ඉගෙන ගන්න සිද්ධ වෙනව කියල දීප්ති කුමාර ගුණරත්න නොපිලිගත්තත්, හුගක් අයට ඉක්මණින්ම පිලිගන්න සිද්ධ වේවි.

 

සටහන - @ LEADER TV GOSSIP

නවතම ලිපි