SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවතින ආර්ථික අර්බූධය සහ උපයන විට බදු අයකි‌රීම් හමුවේ විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑමේ අර්බූධයට පිළියම් ලෙස අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා සඳහන් කළේ, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.

 

ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බව ලේකම්වරයා පැවසීය. ඔහු සඳහන් කළේ, සෑම ක්ෂේත්‍රයකටම අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවයි. ඇතැම් වෛද්‍යවරු රට අතහැර ගොස් හා නිවාඩු දමා විදේශගතව ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

 

මේ වනවිට රට හැර ගොස් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 325කි. ඒ අතර නිර්වින්දන වි‌ශේෂඥ වෛද්‍යවරු 25ක්ද, ශල්‍ය වෛද්‍ය වි‌ශේෂඥවරුන් 10ක්ද, නාර් හා ප්‍රසව වි‌ශේෂඥ වෛද්‍යවරු 15ක්ද, අක්ෂි වි‌ශේෂඥ වෛද්‍යවරු 22ක්ද, මානසික වි‌ශේෂඥ වෛද්‍යවරු 22ක්ද ඇතුලත්ය.

 

අමාත්‍යාංශ ලේකම්වරයා විශේෂ වෛද්‍යවරුන්ගේ හිගයට පිළිතුරක් ලෙස අළුතින් වෛද්‍යවරු බඳවා ගැනීමෙන් ඇතිවන බරපතල අවුල පිළිබඳව දැනට සේවයේ නරතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවේ මෙය එක්තරා විකාරසහගත පිළිතුරක් බවයි.

 

සෑම වසරකම සීමාවාසික වෛද්‍යවරු 2000ක් රජයේ ප්‍රතිපත්ති වලට අනුව රෝහල්වලට ඇතුලත් කරගන්නා අතර එය මේ මොහොතේ සිදුකරන විශේෂ කාර්යයක් නොවන බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බූධයක් හටගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය නිසා බවත් සීමාවාසික වෛද්‍යවරුන් එයට පිළිතුරක් නොවන බවත් කළුතර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අප වෙත ප්‍රකාශ කළේය.

 

ඒ ඒ ක්ෂේත්‍රයන් හි ප්‍රවීනත්වය ලැබූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බූධයකට මෙන්ම අවදානමකට මේ වනවිටත් ලක්ව ඇති බවයි ලේඩි ලීඩර් සමග අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටියේ. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි යැයිද එම විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් අප වෙත අදහස් දක්වූයේය.

 

සිය වෘත්තීමය සේවය නිසි ලෙස ඉටුකිරීමට අවශ්‍ය වටාපිටාව සකස් කර නොදෙන රජය ඒ ඒ වෘත්තීන් සම්බන්ධවද පොලිස් පාට් දැමීමෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ ගනු ලබන බව පෙනී යයි. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසූයේ රජයේ වියදමින් විදේශ අධ්‍යාපනය හැදැරීමට ගොස් නැවත මෙරටට නොපැමිණෙන අය ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ය.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන මෙම අර්බූධය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව කණගාටුවට පත්වන බවද එම විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළහ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්තමාන විෂය භාර අමාත්‍යවරයා ගේ පාලන කාලයේ තරම් අර්බූධයට ගිය කාලයක් නොවූ බවයි. 

නවතම ලිපි