SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිලුයි - අනුරයි අතරේ රහස් ගනුදෙනුවක් තියනවා කිය කියා පහුගිය දවස්වල රටවටේ ගිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයා, රනිල්ගේ පොලිසිය අනුරලට ඊයේ ගහපු ගමන්

ඔන්න ට්විටර් පණිවිඩයක් දාලා ඒ ප්‍රහාරය හෙළ දැකලා තියනවා.

ආණ්ඩුව විපක්ෂයේ කට වසා තැබීමට උත්සාහ දරමින් ඉන්නවා කියලයි විපක්ෂ නායකතුමා කියන්නේ...

------------------------

@sajithpremadasa

No leader or party has ever been right all the time, it’s why we need to tolerate dissenting voices within a democracy. Today #NPP protestors were tear gassed and many sustained many serious injuries. The Government’s message is loud and clear to the public, SHUT UP AND SIT DOWN.

7:17 PM · Feb 26, 2023

-----------------------

විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු කාරණා රැසකට විරෝධය පළ කරමින් තමයි, ජාතික ජන බලවේගය ඊයේ  (26) පස්වරුවේ “විරෝධය කොළඹට” කියල විරෝධතාවය සංවිධානේ කරලා තිබුනේ.

 

අනුරලගේ විරෝධතා පෙළපාලියට පොලිසියෙන් ගහන එකක් නෑ කියල සජබේ ශෝෂල් මිඩියා කට්ටිය කින්ඩියට වගේ පොස්ට් එහෙම දාලයි තිබුනේ.

ඒ වුනාට මොකද ඔය පෙළපාලියට විරුද්ධව ටිරාන්ගේ පොලිසිය ඊයේ උදේ ම කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය අධිකරණ නියෝග දෙකක්  ලබාගෙන තිබුනා.

ඒ උසාවි  නියෝගවලට අනුව විරෝධතා පාගමන ආරම්භ කරද්දීම පෙළපාලිය නතර කරන්න කියල පොලීසිය විරෝධතාකරුවන්ට දැනුම් දුන්න.

එත් ඊයේ මාලිමාවේ විරෝධතාකරුවෝ කොළඹට ආවේ පොලිසිය කියන ඒවා අහලා හිස් අතින් ගෙදර යන්න නෙමෙයි. එහෙම ගියොත් සජබේ කට්ටිය කියන නොන්ඩි කතා අහනවට වඩා හොඳයි ගුටිකන එක කියල හිතන්නත් ඇති . මොකද සජබෙන් පහුගිය ටිකේ දිගින් දිගටම මාලිමාවට  එල්ල කරමින් තිබුනේ සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක්.

කොහොමින් කොහොම හරි මාලිමාවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඊයේ පෙළපාලිය ආරම්භකරන්න යද්දී උණුසුම් වචන හුවමාරුවක් සිද්දධනා. ඔය ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විරෝධතාකරුවන් ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකලේ ඊට පස්සේ, ඔය සිද්ධියෙන් විරෝධතාකරුවෝ 30ක් ක් විතර රෝහල්ගත කලා.

සජබේ කට්ටිය බලන් හිටිය වැඩේ උනේ නෑ . අන්තිමට සජිත්ට  ට්විට් ගහන්න වුනා. පොහොට්ටු මිඩියා එකේ සමහරු අනුර සටනින් පැනලා ගියා කියල වීඩියෝ ශෙයා කරන්න පටන් ගත්ත.

අරගලයෙන් පස්සේ කොළඹ බේස් කරගෙන තිබුන සටන්කාමී ම උද්ඝෝෂණය තමයි ඊයේ (26) තිබුනේ.

මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන්  රනිල් වික්‍රමසිංහගේ විධායක බලය කොයි විදියට ක්‍රියාත්මක වේවිද කියල බල බලා හිටියේ සජබේ කට්ටිය විතරක් නෙමෙයි, ශෝෂල් මිඩියා වල දේශපාලන ක්‍රියාකාරීන්ට පවා ඒ ගැන ලොකු උනන්දුවක් තිබුනා.

තමන් සමගම සිටි පැරණි UNP සගයන් පහුගිය සතියේ කොළඹට ආපු වෙලාවේ පොලීසිය යොදවා දැක්වූ ප්‍රතිවිරෝධයට සමාන හෝ ඊටත් එහා ගිය ප්‍රතිවිරෝධයක් පායිද, එහෙමත් නැතිනම් මාලිමාලට ඕන මගුලක් කරගන්න ඉඩ දෙයිද කියන කාරණේ ගැන තමයි කට්ටිය සීරියස් අරගෙන හිටියේ.

කොහොම වුනත් ආණ්ඩුව තීන්දු කලේ කිසිම බුරුලක් නොදී විරෝධතාවය පටන් ගනිද්දිම විසුරුවා හරින්න..

වැඩේ කියන්නේ ඒක නෙමෙයි, දැනුත් ඉන්නේ ගෝඨාභය පත්කරපු පොලිස් ඇමතී ටිරාන් මයි. ඒ ආරක්ෂක ලේකම් කමල් ගුනේ මයි..ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රමයි,  ඒවගේම එදා හිටපු පොලිස්පතිමයි.

එහෙම තියෙද්දී අරගලේ පටන් ගනිද්දී ම මේ විදියට පොලිසිය දාලා විසුරුවල දාන්න ගෝඨාභයට බැරිවුනට, රනිල්ට ඒ පොලිස් ඇමති ම  තියාගෙන ඒ, ආරක්ෂක ලේකම්වම තියාගෙන ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියල සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදියට පත්කෙරුවට පස්සේ  පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණි රනිල් පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළාය කියල රනිල් ඒ අයට ස්තුති කළා මතක ද?

ඊට පස්සේ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පස්සේ ජනාධිපති රනිල් මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්නෙට.

කොහොම උනත් දැන් දැන් ජීවන බර දරාගන්න බැරි රටවැසියාගෙන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඬනැගිල තියෙන වෙලේ මේ රටේ ආරක්ෂක බලඇණි ගැන ජනාධිපති රනිල්ට ඒ හැටි විශ්වාසයක් නැති පාටයි.

 

ඒනිසා ජනාධිපතිකම වගේම ප්‍රභූ දේශපාලනය ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම වෙනුවෙන් පසුගිය පෙබරවාරි 14 දා එයාල ලංකාවට ආවේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩිඩියා රෝයල් (Jedidiah Royal)  ගේ නායකත්වයෙන්.

 

මේ යැංකි ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමේ පිරිස 30කට ආසන්න බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. මොවුන් පිට සක්වළ ජීවීන් ලෙස කටුනායකට පැමිණ තිබුනේ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් C-17 Globe masters ගුවන් යානා දෙකකින් රාත්‍රියේ ඉතාමත් රහසිගතව.

ඊට පස්සේ ලංකාවේ හමුදා ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආරක්ෂක රාජ්‍ය ලේකම් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා ජනාධිපතිවරයා මුණ ගැහිල  සාකච්ඡාකර අතුරුදහන් වුනා. රනිල් හැර මින් පෙර කිසිඳු ජනාධිපතිවරයෙක් මේ විදිහට කටයුතු කරල තියනවා ද ?  ...

මේ ශාන්තිකර යැංකියන් ගේ ආගමනය සිදුවුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වික්ටෝරියා නූලන්ඩ් කොළඹට ඇවිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සති දෙකක් ගතවී යාමටත් කලින්.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා ඇමෙරිකාව අඛණ්ඩව සහාය දක්වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරනු ලබන සාකච්ජා සම්බන්ධයෙනුත් එක්සත් ජනපද ලේකම්වරිය අවධානය යොමුකළ බවයි එදා ඇයගේ හමුව ගැන ජනාධිපති කාර්යාංශය පැවසුවේ.

 

“දැන් ලංකාවට අදාළ දේශපාලන සටන පවතිනුයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුර සහ රාජ්‍ය ධනවාදී චීනය සමගය. ඇමරිකානු කඳවුරේ ඍජු නියෝජිත පරපුරේ නියම අනුප්‍රාප්තිකයා දැන් රටේ ජනාධිපති බවට පත්ව ඇත. ඔවුනට ඔහු විශ්වාසවන්ත වීම, එනම් කියන ඕනෑම දෙයක් කරන අවනත ගැත්තෙකු වීම, චීනයට ඇති දැඩි අවාසියකි, චීන මකරා සහ ඇමරිකානු පාදඩ යැංකි බල පොරය හමුවේ පෑදී ඇති ඉල්ලම ගොඩ ගැනීමට නම් අඩු තරමින් තව වසරක් වත් කෙසේ හෝ බලය රැකගෙන වැඩ පෙන්විය යුතුය (ඇමරිකාවේ උපදෙස වනු ඇත්තේ ද එයයි). දැන් සිදුවෙමින් පවතිනුයේ එම අවශ්‍යතාවයයි.”

සමහර දේශපාලන විචාරකයින් ඊයේ බ්ලොග් සටහන් ලියල තිබුණෙ ඒ විදිහට.

 

කොහොම උනත්, එදා ගෝඨාභය ඉන්න කලේ නැති හයියක් රනිල්ට ලැබෙන්නේ කොහොමද කියන කාරණේ සජබේ කට්ටිය වගේම ජාජබ ඇත්තොත් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි කියලයි කියන්න තියෙන්නේ. 

 

(LEADER TV GOSSIP)

නවතම ලිපි