SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණය නොපැවැත්වීම සම්බන්දයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉතා දැඩි ලිපියක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචි හේවා වෙත යොමු කර තිබේ.

එහිදී ඔහු අවධාරණය කොට ඇත්තේ නිමල් පුංචි හේවා මහතා ස්වාධින කොමිෂන් සභාවක සභාපතිවරයෙක් ලෙස ඔහුට පැවරී ඇති ව්‍යවස්ථාපිත යුතුකම් පැහැර හැර ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.

 

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම්වරයාය. මෙවර පළාත් පාලන මැතිවරණය නාමයෝජනා කැඳවන ලද අවස්ථාවේ මෙම පක්ෂයත් නාම යෝජනා ලබාදී ඇත.

 

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ප්‍රංචිහේවා වෙත යවන ලද ලිපියෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න අවධාරණය කොට ඇත්තේ මේ වනවිට රටේ මතුවෙමින් ඇති අස්ථාවර බවට සහ අනාරක්ෂිත ගැටුම්වලට පුංචිහේවා ප්‍රමුඛ කොමිෂන් සභාව සපුරාම වගකිව යුතු බවයි.

 

ඊට අදාල ලිපිය පහතින් දැක්වේ.

 

සභාපති

මැතිවරණ කොමිෂන් සභාව

මැතිවරණ මහලේකම් කාර්යාලය,

නො.02, සරණ මාවත,

රාජගිරිය

මැතිවරණය නොපැවැත්වීම හා කොමිෂන් සභාවේ වගකීම

පැහැර හැරීම  සම්බන්දයෙනි.

 

සභාපති තුමනි,

ඔබ සභාපති ධුරය දරණ ස්වාධින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කොට ගැසට් කරන ලද 2023 පළාත් පාලන මැතිවරණයේ  ඡන්ද විමසීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන් අකර්මන්‍ය වී අත්හැර දමා තිබෙන තත්වයක් තුල ඒ පිලිබදව ඔබ අමතා මෙම ලිපිය යොමු කිරීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ විධායක් සභාව තීරණය කළෙමු.

මේ මොහොත වන විට රටේ පවතින ආර්ථික හා සමාජ පසුබිම සම්බන්දයෙන් ප්‍රායෝගික දැනුවත් බාවයක් ඔබ සතුව ඇතැයි යන මුලික විශ්වාසයෙන් පහත කරුණු ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.

ඔබ සභාපති ධුරය දරන කොමිෂන් සභාව විසින් පුර්ව විශ්වාසය ඇතුව ප්‍රකාශයට පත්කරන ලද 2023 පළාත් පාලන මැතිවරණය සදහා රටේ සියළු දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් නාමයෝජනා බාරදී මැතිවරණයට අවශ්‍ය සියළු කටයුතු මේ වනවිත් සිදුකොට හමාරය.නමුත් ස්වාධින කොමිෂන් සභාවක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් ජනතාවට ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව අසමත්වී ඇත .මේ මගින් ස්වාධින යැයි කියන්නාවූ මැතිවරණ කොමිෂන් සභාව ජනාතා විශ්වාසය කඩකොට තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය මගින් තවදුරටත් කියා සිටින ලද්දේ ඔබ විසින් කොමිෂන් සභාව වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වී ඇති බවයි .ඔබ තුමා ස්වාධින කොමිෂන් සභාවක සභාපති ලෙස එකී චෝදනා සම්බන්දයෙන් මෙතෙක් සාධනීය පිළිතුරක් ජනාධිපති වෙත හෝ පාර්ලිමේන්තුව වෙත ලබා දුන්නේද යන්න අපට පැහැදිලි නැත.

මෙහි බරපතල තත්වය නම් ජනාධිපතිවරයා සඳහන් කල පරිදි ඔබ තුමන් සංශෝධිත ව්‍යවස්ථා බලතල සැලකිල්ලට නොගැනීමයි. නීතිඥවරයෙක් සේම වගකිවයුතු ස්වාධින කොමිෂන් සභාවක ප්‍රධානියෙකු ලෙස මෙය ඔබ කෙරෙහි එල්ලවන බරපතල චෝදනාවකි.රාජකාරිමය වගකීම කෙසේ නමුත් ඔබට ඊට පිළිතුරු දීමේ සාදාචාරාත්මක බැඳීමක් ඇතැයි අප විශ්වාස කරන්නෙමු.එසේ නොවන්නේ නම් කොමිෂන් සභාවක් ලෙස තවදුරත් රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වීමට ඔබට ඇති අයිතිය කුමක්දැයි අපි නොදන්නෙමු.

පසුගියදා මාධ්‍ය මගින් ආනාවරණය කරන ලද පුවතකට අනුව කියවුනේ එළඹෙන මස එනම් මාර්තු 03 වැනිදා ඔබේ ප්‍රධානත්වයෙන් නැවත කොමිෂන් සභාව රැස්වී පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්දයෙන් ප්‍රකාශයක් කිරීමට සුදානම්වන බවයි.තවදුරටත් එවැනි ප්‍රකාශනවල වලංගුභාවයක් තිබේද යන්න අපට බරපතල ගැටළුවකි.ඔබ තුමන් ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාව විසින් විටින් විට කරන හාස්‍යජන ප්‍රකාශවල තවදුරටත් එල්ලී සිටීමට දේශපාලන පක්ෂ හෝ රටේ මැතිවරණයක් අපේක්ෂා කරන කිසිදු පුරවැසියෙක් සුදානම් යැයි අපට විශ්වාස කල නොහැක.මැතිවරණයට තරග කිරීම සදහා රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක්  නිවාඩු ලබා මැතිවරණයට තරග කිරීම සදහා සුදානම් වූ අතර  ඔහුන් වැටුප් නොලබා තව කොතරම් කාලයක් මෙසේ ඔබ තුමාගේ විහිළු සහගත ප්‍රකාශ දෙස බලා සිටින්නද ?  මේ මගින් ඔවුන්ගේ බිදවැටෙන ආර්ථිකයට විසදුම් ලබාදීමට ඔබ සතුව වැඩපිළිවෙලක් තිබේද? මේ සියල්ල මගින් ඔප්පු වෙමින් තිබෙන්නේ ඔබට කිසිදු ප්‍රායෝගික දැනුමක් හෝ අවබෝධයක් මේ විෂය සම්බන්දයෙන් නොමැති බවයි.

ප්‍රායෝගික මනසක් සහිත පුද්ගලයන් ඔබ කොමිෂන් සභාවේ සිටි නම් මෙසේ හැසිරිය හැකිද ? ඔබ ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන් අධිකරණය හමුවේ මැතිවරණය පැවැත්වීමට පසුබිමක් නැතැයි කියමින් ඇග බේරාගැනීමට කටයුතු කළ දිනයේ හෝ ඊට පෙර අවසන් තීරණයක් නොගත්තේ ඇයි ද යන ප්‍රශ්නය අපට මතුවේ.ඔබට තව දුරටත් රටේ මහ ජනයා මුලා කිරීමට අයිතියක් නැත.අපට පෙනී යන්නේ මෙම ධුරය ඔබට බර වැඩි බවය.එබැවින් ඔබ වහාම කල යුත්තේ ව්‍යවස්තාපිතව ඔබට පැවරී තිබු වගකීම පැහැර හරින ලද අසමත් නිලධාරියෙකු ලෙස ඉල්ලා අස්විමය.

මේ වනවිට අධික බදු බරින්,ජිවන බරින්,ජීවත්වීමට බෙහෙත් ටිකක් ගැනීමට නොහැකිව පිඩාවට පත් ජනතාව පාරට බැස විරෝධතා පවත්වති ආණ්ඩුව ඒ ජනතාවට හමුදාව පොලිසිය යොදවා පහර දෙති.ජනතාවට තමන් කැමති පුද්ගලයන් රටේ පාලනයට ගෙනඒමට ඇති පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබ ඇතුළු ආණ්ඩුව කොල්ල කා තිබේ.හෙට දවසේ මේ උද්ඝෝෂණ වැඩ වර්ජන හරහා රටේ ඇතිවන අස්ථාවර භාවයට ඔබ ඇතුළු මැතිවරණ කොමිෂන් සභාව වගකිව යුතුය.

වීදිවල මිය යන රටේ තරුණ ජීවිතවල වගකීම ඔබ ඇතුළු කොමිෂන් සභාව භාරගත යුතුය.ඔබට බලපෑම් කල හෝ ඔබ අවනත වූ නිලධාරින් ඔබව ගලවා ගත්තද රටට කල විනාශයට ඔබට ඔබේ හෘදය සාක්ෂියෙන් නිදහස් විය හැකිද ? අපි නැවත නැවතත් අවධාරණය කරනුයේ ඔබට පැවරී ඇති වගකීම ඉටුකිරීමට නොහැකි නම් තනතුරට ඇති අවම සදාචාරය හෝ රැකගෙන ඉල්ලා අස්වෙන ලෙසයි.

 

එබැවින් තව දුරටත් ආණ්ඩුවේ හොරනෑවක් බවට මැතිවරණ කොමිෂන් සභාව පත් නොකොට ඉතා කඩිනමින් සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල නායකයින් හෝ මහ ලේකම්වරුන්  කැදවා ඉතා කඩිනමින් තීරණයක් ගන්නා ලෙස පිළිගත් ලියාපදිංච් දේශපාලන පක්ෂයක් ලෙස අපි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නෙමු.පළාත් පාලන මැතිවරණය සදහා තැන්පත් කරන ලද ඇප මුදල් රදවා ගනිමින් භාණ්ඩාගාරයේ ඉල්ලීම් ඉටු කිරීමට සුදානම් නොවන ලෙසද අපි තවදුරටත් අවධාරණය කරන්නෙමු.

 

මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් පක්ෂ මහ ලේකම්වරු සමග ඉතා සුහදව කටයුතු කළ අතර ඔබ එවැනි මානුෂික ගුණාංග පවත්වා ගැනීමට අසමත් විය.අවම තරමින් ඔබේ දුරකථන අංකය හෝ පක්ෂ ලේකම්වරුන්ට ලබා නොදුන් අතර ඔබගේ කාර්යාල දුරකතනයට ඇමතුමක් ලබා ගත්තද ඔබ ඊටද  ප්‍රතිචාර නොදැක්විය. තමන් පුටුවෙහි තබන ලද ආම්පුතුන්ට කියකරුව සහ අවනතව  රාජකාරි කිරීමේ ප්‍රථිපලය ඔබ තුමා  ඉතිහාසයේ  මුල්ලකට තල්ලුවී යාම බව ඔබට සිහිපත් කරමි.

ස්තුතියි

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මහ ලේකම් – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

නවතම ලිපි