SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවැති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න අතර පැවැති උණුසුම් වාදයේදී අධ්‍යාපන අමාත්‍යවරයා අසභ්‍ය වචන භාවිත

කිරීම පිළිබඳව මන්ත්‍රීවරිය කතානායකවරයාට පැමිණිලි කර ඇත.



ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳව කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව මන්ත්‍රිවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝප වූ අධ්‍යාපන අමාත්‍යවරයා   “ ‘මල හු…….. ක් නේ මේ ගෑණි‘……….. යනුවෙන් බැන වදින අයුරු අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයේ ද දැකිය හැකි විය.

අමාත්‍යවරයා සභාව අමතද්දී මහජන ගැලරියේ පාසල් සිසුහු ද සිටියහ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ දී මුලසුන දරනු ලැබූවේ ද කථානායකවරයා වන අතර අවස්ථා දෙකකදී අධ්‍යාපන අමාත්‍යවරයා මන්ත්‍රිවරියට කුණුහරුපයෙන් බැන ඇති බවට ඇය පැමිණිලි කර ඇත.

 

මෙම උත්තරීතර යැයි නම් කෙරෙන පාර්ලිමේන්තුවේ මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්දානන්ද අළුත්ගමගේ, නලීන් බණ්ඩාර සහ තිස්ස කුට්ටිආරච්චි  වැනි මන්ත්‍රීවරුන්ද මේ ආකාරයේ අසභ්‍ය බැනවැදීම් සහ විසිළු කිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට සිදුකළ අවස්ථා තිබු අතර එම අවස්ථාවලද මූලාසනයේ රැඳී සිටියේ මෙම කථානායකවරයාම වීමත් ඔහුගෙන් මේ සඳහා පියවර ගැනීම වැනි බලාපොරොත්තු තබාගත හැකිද යන්න ගැනත් සිතිය යුතු කාරණයකි. කෙසේ වුවත් පාර්ලිමේන්තු 'ව්‍යූහය' තුළ සිදුවන මෙවැනි ක්‍රියා හුදෙක් ස්ත්‍රී පුරුෂ ලිංගික හිංසනයක් යන කාරණයක් තුළ තබා කියැවීමත් එක්තරා විකාරරූපී අවස්ථාවක් පමණි. 

 

රෝහිණි ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්!

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.

සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න  ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.

මෙම අනීතික ක්‍රියා දාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න පැවසුවාය.

 

 

පුවත් උපුටාගැනීම - @theleader.lk

නවතම ලිපි