SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 09වනදා පැවැත්විය හැකිදැයි යන්න සාකච්ඡා කිරීම සඳහායි.

 

'නෙත් නිවුස්' සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ, මාර්තු 09වනදා මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රායෝගික ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවයි. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදුවීමට ඉඩ ඇතැයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

  


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්.එම්.ආර්. විජේසුන්දර ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි 11වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය.

එවන් පසුබිමක් තුළ මැයි 11වනදා දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය නොහැකිදැයි 'නෙත් නිවුස්' මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළ අවස්ථවෙදී ඔහු මෙසේ පැවසිය.

 


මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ නීත්‍යානුකූල ආකාරයෙන් මේ දක්වා මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වෙනාවාදැයි ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති බවත්, මුදල් තිබුණත් මැතිවරණයක් නොමැති බවත් ජනාධිපතිවරයා ඊයේ අවධාරණය කර සිටියේය.

 

 

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම ම අවස්ථා කිහිපයකදී ම ප්‍රකාශ කර තිබිණ. එසේ නම් එවැනි තීරණයක් ප්‍රකාශයට පත් කළේ නීත්‍යානුකූලව නොවේදැයි 'නෙත් නිවුස්' මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාගෙන් ප්‍රශ්ණ කලේය.

ඔහු එහිදී අවධාරණය කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම සියලු පියවර ගනු ලැබුවේ නීත්‍යානුකූල හා ව්‍යවසථානුකූලව බවයි.

 



මේ අතර මැතිවරණය පැවැත්වීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

 

උපුටාගැනීම@theleader.lk

නවතම ලිපි