SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

''ඡන්දය දියව්'' යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී

පැවැත්වූ විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.

මරදාන ටෙක්නිකල් මංසන්ධියට රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විරෝධතාකරුවන් එහි සිට කොටුව දෙසට විරෝධතා පා ගමන ආරම්භ කළේය.

පිරිස මෙලෙස විරෝධතා පාගමනක නිරතවුණේ ස්ථාන කිහිපයකට ඔවුන්ට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබූ පසුබිමකය.

 

විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය , ජනාධිපති මන්දිරය සහ ගාලු මුවදොර භූමියට ඇතුළුවීම එමගින් වළක්වා තිබුණි.

නියෝගයෙන් වැඩිදුරටත් දන්වා තිබුණේ ගාලුමුවදොර අවට මාර්ග කිහිපයක ගමන් කිරීමේදී මාර්ග අවහිරතාවක් හෝ රථ වාහනවලට බාධාකිරීම් සිදු නොකරන ලෙසය.

විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන්ගැනීම වළක්වාළමින් පොලීසිය මාර්ගය අවහිර කර තිබුණි.

පොලීසියේ බාධා කිරීම් සහ ඒ වන විට ඇදහැලෙමින් පැවති වර්ෂාවද නොකමින් පිරිස ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

 


අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් එහි පැමිණ විරෝධතාකරුවන් සමග ඉදිරියට යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය සමග වචන හුවමාරුවක් ඇතිවිය.

බාධාකිරීම් නොතකමින් විරෝධතාකරුවන් යළි සංවිධාන වෙමින් කොටුව දෙසට පාගමනින් පැමිණියේය.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස විරෝධතාවයට එක්වුණේ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය යාබද ප්‍රදේශයේදීය.

''අපි බය නෑ! දිගටම සටන් කරනවා! මේ සටන අපි කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන් '' විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 

@Theleader.lk

නවතම ලිපි