SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම්ගතවීම අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ඩොලර් බිලියන 2.9 ක මුදලක් වසර හතරක් තුල වාරික ක්‍රමයකට ලංකාවට ලබාදීම සඳහා මුල්‍ය අරමුදල සූදානමින් ඇතත් ඒ සදහා චීනයෙන් සිය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහයෝගය අත්‍යවශ්‍ය වී තිබේ.

 

චීනය එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් ණය සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට වන අතර එය මුල්‍ය අරමුදල ඉල්ලා සිටින සහතිකය නොවේ.

මෙම තත්ත්වයන් මත නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආර්ථීකය තවදුරටත් බිඳවැටෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.

චීනය නොසලකමින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමට මූල්‍ය අරමුදලට හැකියාව ඇතත් එහි දී පනවන කොන්දේසි තවදුරටත් දැඩි විය හැකි බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම තත්වයන් මත ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් දරුණු වනු ඇති බවත් පවසන වාර්තාව තවත් දශකයක පමණ කාලයක් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ගත වනු ඇති බවද කියා සිටී.

 

@Lankacnews

නවතම ලිපි