SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණාලයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ද මෙවර නිසි අයුරින් ලබාදී නොමැති බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා! 
- තිස්ස අත්තනායක

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව දරණ උත්සහයට සහය දෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පවසයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේ ඡන්දය පැවැත්වීම වැළැක්වුවහොත් මහජනතාව විකල්ප ක්‍රියාමාර්ගවලට එළඹීමේ අවදානමක් පවතින බවයි.


පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල්දැමීම මාර්තු 09 වනදා ඡන්ද විමසීමට ද බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේය.

 

“මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි කටයුතු කිරීම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේත්, රජයේ මුද්‍රණාලයාධිපතිනියගේත් වගකීමයි”

- මරික්කාර් කියයි.

මේ අතර අද (15) සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පක්ෂයේ මාධ්‍ය ලේකම් එස්.එම්.මරික්කාර් පැවසුවේ මේ ආකාරයට ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමෙන් මහජන නැගිටීමක් සිදුවුවහොත් එදා ගෝඨාට පැනලා යෑමට හෝ අවස්ථාවක් ලැබුනත් රනිල් වික්‍රමසිංහට ඒ අවස්ථාවත් නැතිවිය හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.

“අපි මුදල් අමාත්‍යාංශ ලේකම්ටයි, රජයේ මුද්‍රණාලයාධිපතිනියටයි කියන්නේ, රනිල් වික්‍රමසිංහගේ අල්ලේ නැටවෙන්න එපා කියලයි.

මේ රටේ ව්‍යවස්ථාව තමයි උත්තරීතර. චක්‍රලේඛ තියෙන්නේ ඊට පහලිනුයි.

මැතිවරණය පවත්වන මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි කටයුතු කිරීම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේත්, රජයේ මුද්‍රණාලයාධිපතිනියගේත් වගකීමයි”

 මුද්‍රණාලයාධිපතිනිය ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකර රනිල්ගේ අල්ලේ නැටවෙන්නේ නම් ඉස්සරහට වසර තුනකට හිරේ යන්න සූදානම් විය යුතුය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය මීට කලින් ඡන්දවලදී අත්පිට මුදලටද ඡන්දයේ මුද්‍රණ කටයුතු කලේ?

මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන මේ වෙනකොට රුපියල් ලක්ෂ 1000ක් මැතිවරණය පවත්වන්නට කොමිසමට දීල තියෙනවා. දැන් මුදල් ගෙවන්න බැරිනම් කලින් ඒ ගාන දුන්නේ ඇයි?

 

 

අපි අනිවාර්යයෙන් නඩු පවරනවා!
- අනුර කුමාර දිසානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මොනරාගල පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් මෙසේ පැවසිය.

"සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මාලිමාව උඩින්. මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ.. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව.. හිතා මතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු 03ක් හිරේ. හොඳට මතක තියාගන්න කවුරු ඔය නඩු ඇහුවේ නැතත් අපි අහනවා."

"භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහත්තයා සල්ලි වියදම් කරන්න කටයුතු කරන්නේ නැත්තම්.. ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙකු බවට පත්කරන එක සහතිකයි."

"ඒ වගේම ජනාධිපති ලේකම්වරයා. නඩුවක් එනවා.. ඔබතුමා විත්තිකූඩුවට නඟින.. මම සාක්ෂි කූඩුවට නඟින."

"මහජනයාගේ මතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න බැහැ."

"ඡන්දෙ දෙන්නේ නැත්තම් අපි ලෑස්තියි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට ගෙනල්ලා..පාරේ විසඳගන්න. හැබැයි ඒක අපේ බලාපොරොත්තුව නෙමෙයි."

 

 

නවතම ලිපි