SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“අපි මුදල් අමාත්‍යාංශ ලේකම්ටයි, රජයේ මුද්‍රණාලයාධිපතිනියටයි කියන්නේ, රනිල් වික්‍රමසිංහගේ අල්ලේ නැටවෙන්න එපා කියලයි.

මේ රටේ ව්‍යවස්ථාව තමයි උත්තරීතර. චක්‍රලේඛ තියෙන්නේ ඊට පහලිනුයි.

මැතිවරණය පවත්වන මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි කටයුතු කිරීම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේත්, රජයේ මුද්‍රණාලයාධිපතිනියගේත් වගකීමයි”

 

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම, ඡන්ද්‍ර පත්‍රිකා මුද්‍රණයට මුදල් ලබා නොදීම හේතුවෙන් කල්දැමීමේ සිද්ධිය පදනම් කරගෙන සමගි ජන බලවේගයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් එසේ ප්‍රකාශ කළේ අද (15) මාධ්‍ය හමුවක් අමතමිනි.

මුද්‍රණාලයාධිපතිනිය ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකර රනිල්ගේ අල්ලේ නැටවෙන්නේ නම් ඉස්සරහට වසර තුනකට හිරේ යන්න සූදානම් විය යුතුය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය මීට කලින් ඡන්දවලදී අත්පිට මුදලටද ඡන්දයේ මුද්‍රණ කටයුතු කලේ?

මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන මේ වෙනකොට රුපියල් ලක්ෂ 1000ක් මැතිවරණය පවත්වන්නට කොමිසමට දීල තියෙනවා. දැන් මුදල් ගෙවන්න බැරිනම් කලින් ඒ ගාන දුන්නේ ඇයි?

 

සම්පූර්ණ වීඩියෝව පහලින්....

නවතම ලිපි