SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්.ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා.

ඒ අනුව අපි තීරණය කරා විශේෂයෙන්ම පිටත තිබී අසුවුණ ස්ටිකර් සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට.දෙවැනි කරුණ බෝතල් වල අලවා තිබුණු සමහර ස්ටිකර්ස් පිළිබඳ ඇතිවුණු අපහැදිළිතාවය පැහැදිළි කර ගැනීමට විශේෂයෙන්ම එම ස්ටිකර් වල විද්‍යුත් ඇගයීම නැත්නම් (Digital Indication) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදු වෙනවා ද කියන කරුණ බැලීම සදහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ කරවාගෙන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට.මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම,මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතාම ඉක්මණින් නිවැරදි කරලා රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව අපි විශ්වාස කරනවා”

පසුගිය ජනවාරි 19 වැනිදා මේ කතාව කිව්වෙ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටියයි.

 

මෙම ප්‍රකාශය සිදුකර දැනට සති දෙකකට අධික කාලයක් ඉක්ම ගියද තවමත් එවැනි පරීක්ෂනයක් සඳහා අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී නැති බව අනාවරණය වී ඇත.

 

දිවයින පුරා පිහිටි මත්පැන් හලවල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් මත ව්‍යාජ ලෙස ආරක්ෂක ස්ටිකරය අලවා ඇති මත්පැන් හලවල් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව හදිසි වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කළේ පසුගිය ජනවාරි මාසයේදීය. එහිදී ව්‍යාජ මත්පැන් ලේබලය අලවා ඇති මත්පැන් බෝතල් හෝ පරිගණක පද්ධතිය මගින් නිවැරදි දත්ත ලබා නොදෙන, වලංගු නොවන බව දැක්වෙන මත්පාන් බෝතල් රාශියක් ද මේ මෙහෙයුමේදී අත් අඩංගුවට ගෙන ඇත.

 

ආරක්ෂිත ස්ටිකර් කුමවේදයෙන් බැහැර ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ කූඨ ව්‍යාපාරය කාගේද?

 

මත්පැන්වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වා දුන් ආරක්ෂක ස්ටිකර් ක්‍රමවේදයෙන් බැහැරව කූඨ ව්‍යාපාරිකයන් නීතිවිරෝධී ලෙස කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරු මත මෙම වැටලීම් ක්‍රියාත්මක බව සඳහන්.


එසේම, මත්පැන් බෝතල්වල ස්ටිකර මුද්‍රණය ලබාදී ඇති සමාගම හරහා මෙම වංචාව සිදුවන්නේ දැයි මතුව ඇති සැකය මත ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පසුගියදා පැවසුවද මේ වන තෙක් එම විමර්ශන වලට අදාළ මූලික පැමිණිල්ල හෝ ඉදිරිපත් නොවීම හාස්‍යජනකය.

මේ සම්බන්ධ අභ්‍යන්ත ර ආරංචි මාර්ගවලින් හෙළිවන්නෙ මෙම ව්‍යාජ ස්ටිකරය අලෙවිකිරීමේ සිද්ධිය පිටුපස සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ ඉහළ නිළධාරියෙකු සිටින බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ වර්තමාන කොමසාරිස් ජෙනරාල් පත්ව ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුව වන අතර ඔහු යටතේ මෙම ව්‍යාජ ස්ටිකරය පිළිබඳ සිද්ධියේ තොරතුරු හෙළිදරව් වී තිබෙන බවත් අනාවරණය වේ.

 

කෙසේ වුවද මෙම ව්‍යාජ ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා ක්‍රියාකර ඇති සමාගම් සමග දැනට සේවයෙන් විශ්‍රාමගැන්වූ නිළධාරියෙකු උපදේශකයෙකු ලෙස සිට ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

  

 

විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දුෂිත දේශපාලනය මෙන්ම සුදුකරපටි නිලධාරී මැදිහත්වීම මත රාජ්‍ය බදු ආදායම සුන්නද්ධුලි කරන මේ ව්‍යාජ ස්ටිකර් දවටනු ලැබූ මත්පැන් බෝතල් වෙළඳපොළ වෙත පැමිණීම වැලැක්වීම වචන වලින් හෝ විමර්ශන වාර්තා වලින් වැළැක්විය හැකි සරල කටයුත්තක් නොවන බවයි. ඒ මේ වන විටත් වෙළඳපොල තුළින් සොයාගෙන ඇති ව්‍යාජ ස්ටිකර් අලවනු ලැබූ මත්පැන් බෝතල් සාතිශය බහුතරයක් කුප්‍රකට දේශපාලනඥයාට සම්බන්ධ මත්පැන් ව්‍යාපාරය හරහා පැමිණ ඇති නිසා බවද එම ආරංචිමාර්ග පවසයි.

 

එමෙන්ම අදාළ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැක කෙරෙන  නිළධාරියාද රටේ මුදල් සම්බන්ධ ඉහළම තැනක උපදේශකයෙක් ලෙස දැනට කටයුතු කරන්නේ යැයි පලවන ආරංචිවලට අනුව රජයට උපයාගත හැකි බදු මුදල් අයථා ලෙස පුද්ගලයන් සහ සමාගම් තුළට ඇද ගැනීමත් දූෂිත ගනුදෙනු හරහා නිසි ප්‍රමිතියකින් තොර මත්පැන් අලෙවියෙන් පාරිභෝගිකයා අවදානමකට ලක්වීමත් නොවැලැක්විය හැක්කක්ව පවතින බවය.

 

 

 

නවතම ලිපි