SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

 

ජනතාවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

 

ඒ අතර පසුගියදා කැබිනට් ඇමතිවරුන්ගේ වැඩ වල ප්‍රගතිය සොයා බලන්නට ජනාධිපති රනිල් පත්කරන ලද කමිටුවක රහස්‍ය වාර්තාව ජනාධිපති අතට පත්ව ඇති බව වාර්තාවේ.

රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරයා මේ මස අවසානයේදී  සිදු කරන්නට තීරණය කර ඇති කැබිනට් සංශෝධනේදී ඉහත කී අමාත්‍යවරුන් පිළිබඳ ප්‍රගති වාර්තාව මූලික කොට ගන්නා බව පැවසේ.

 

මේ හේතුව නිසා කැබිනට් සංශෝධනයේදි ඇමතිකම් අහිමිවීමක් ගැන දෙගිඩියාවට පත් ඇතැම් අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවදානය දිනාගත හැකි විවිධ ව්‍යාපෘති සහ විවිධ යෝජනා, කාර්යයන් හදිසියේම කරන්නට ආරම්භ කර තිබීම හාස්‍යජනකය.