SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.

2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණි. ඒ අනුව ගිය වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වෙයි.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසිනි.

පසුගිය වසරේදී 5047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණි. මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

 

මාලිමාවේ අපේක්ෂකයා මිනිස් ජාවාරමක -

විමර්ශණ අංශ මගහරින සැකකරු සොයා විමර්ශන!

 

මේ අතර තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඔිසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කළ පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගැනීමට වැටලීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. එම පුද්ගලයා මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති අයකු බවට ද අනාවරණය වී ඇත.

රටේ පවතින තත්වය සමග සම්ප්‍රධායික මෙතෙක් තට්ටුමාරු ක්‍රමයට බලය ලබාගත් දේශපාලන පක්ෂ පිළිබඳ කළකිරෙමින් සිටින ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණය ප්‍රකාශවීමත් සමග රැල්ලක් බවට පත්වෙමින් ජාතික ජන බලවේගය වටා එක් රොක් වී ඇත.

එවන් රැල්ලකදී ජාජබයට තම පක්ෂ විනය රාමුව තුළ කොතෙක් දුරට ක්‍රියාත්මක විය හැකිද යන්න ඉදිරියේදී අභියෝගයක් වීම අනීවාර්යයක් වනු ඇත.

 

පුවත් අනුග්‍රහය -

@මාධ්‍ය ඒකකය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය

නවතම ලිපි