SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පැය එකහමාරක පමණ කාලයක් නඩුව විමසීමෙන්  පසු මෙන් පසු  වසන්ත මුදලිගේට තිබෙන මේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කළ නොහැකි බව

අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙන  බව සටහන් බ්ලොග් අඩවිය වාර්තා කරයි.

 

ප්‍රකාශයට පත් කර තීන්දුව අනුව, වසන්තට ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනු කිරීම වැරදි බව අධිකරණය කියා ඇත.

 

වාර්තාගත ලෙස දිවුරුම් පෙත්සම් 12,000ක් අත්සන් කරමින් වසන්ත මුදලිගේ නිදහස් කරගැනීමට ගොඩ නගන ලද මහජන ව්‍යාපාරය මෙමගින් ජයග්‍රහණයන් ලබා ගනියි.

දිව්රුම් පෙත්සම් 12,000  නීතිපතිවරයාට බාර දුන්නේ ඊයේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවටත් අනුව වසන්ත මුදලිගේ ත්‍රසතවාදියෙක් ලෙස දක්වමින් ඔහු සිරගත කල රනිල් රාජපක්ෂ ‍ මෙන්ම නීතිපති   දෙපාර්තමේන්තුවට  වරදක් කර ඇති බව මෙම තීන්දුවෙන් සනාථ වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු ඕනෑම පුද්ගලයකු හිතුවක්කාර ලෙස දීර්ඝ වශයෙන් රඳවා තැබිය හැකි භයානක පනතකි. දින 170ක් වසන්ත මුදලිගේ රඳවා ගනු ලැබුවේ නීති විරෝධිව බව මෙමගින් ඔප්පු වෙයි.

 

‘මහේස්ත්‍රාත් කීවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලවෙන්නේ නැහැ කියලා තීන්දු කළා. ත්‍රස්ත විමර්ශන ඒකකය වසන්ත හිර කිරීමේ වුවමනාවෙන් සාක්ෂි හදලා. ත්‍රස්ත පනත පනත යටතේ ඔහුව සිර කිරීමේ වුවමනාවෙන් කටයුතු කරලා තියෙනවා කියලා.‘ නුවන් බෝපගේ සටහන් බ්ලෝග් අඩවියට පවසා තිබේ.

 

ඒ අනුව වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ චෝදනාවලින් නිදහස්  වෙයි.

වසන්ත මුදලිගේට එරෙහි ත්‍රස්ත චෝදනා රැගත් නඩුව අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ ඒ බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව ද සටහන් අඩවිය වාර්තා කරයි.

බොහෝ අරගල ක්‍රියාකරුවනට මෙන්ම වසන්ත මුදලිගේට එරෙහිව ද නීතිපති නඩු ගණනාවක් පවරා තිබේ. ඒවැනි නඩු පවරා ඇති අනෙක් සියලු දෙනා ඇප පිට නිදහස් වී සිටී. එබැවින් වසන්ත මුදලිගේට ද අප ලබා ගැනීම දැන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

 

@උපුටාගැනීම - srilankabrief.org

නවතම ලිපි