SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙබරවාරි 04 නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර නගරය වල පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තාවේ.

නිදහස් දිනය වර්ජනය කොට එදින කළු කොඩි ඔසවා තබන ලෙස එම පෝස්ටර්වල සඳහන් වේ.

මෙම විරෝධතාවය යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල ඒකාබද්ධව සංවිධානය කර තිබෙන බව වාර්තාවේ.


TNA 'කළු කොඩි දිනයක්' ප්‍රකාශයට පත්කරයි !


මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසිය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තවදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මෙසේ සඳහන් කළේය.

"නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ රටේ ජීවත්වන අනිත් ජන කොටස්වලට නිදහසක් ලැබුණේ නෑ. සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුණා කියලා, හිතාගෙන හිටියා. ඒ වුණත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුණේ නෑ කියලා. ඒ නිසා තමයි මේ 75 වන නිදහස් දිනය කියලා පෙබරවාරි 4 වෙනිදා ජනාධිපතිතුමා ඒක සමරන වෙලාවේදී මේ රටේ ජීවත්වන කාටත් ඒ නිදහස ලැබුණේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසාම අපි මේක සමරන වෙලාවේ මේක කළු දිනයක් කියලා ප්‍රකාශ කරලා, රටට හරියාකාරව නිදහස ලැබෙන්නට අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා."

දෙමල ජාතික සන්ධානය එසේ නිදහස් දිනය වර්ජනය කරද්දී දකුණේ විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ද පෙබරවාරි 4 දිනය 'කළු දිනයක්' ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

කලු කොඩි දිනය ගැන අදහස් දක්වමින් දෙමල ජාතික සන්ධානයේ ශානක්‍යන් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.  

@Theleader.lk

නවතම ලිපි