SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් හොඳටෝම ඇති. එහෙම කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ.

සති අන්තයේදී රාජපක්ෂ පවුලේ විශේෂ හමුවක් මහින්දගේ ගෙදර පවත්වලා තිබුණා. මහින්ද පළාත් පාලන ඡන්දය අවසානයේ තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට ප්‍රකාශයක් කරලා තියෙනවා.

ඒ ප්‍රකාශයෙන් පසුව මහින්ද හුඟක් සංවේදී වෙලා විනාඩි කිහිපයක් නිහඬව ඉඳලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙන්නේ තමන් දේශපාලනය අවසාන කරන්න හිටියේ මෙහෙම නෙමෙයි කියලා. ඕනෙම නායකයෙක් කැමතියි ජයග්‍රාහී ව ගමන අවසන් කරන්න. ඒක සදාමතකයක් ලෙස රස විඳ විඳ ඉතිරි කාලය ගත කරන්න.  මහින්දටත් ඒක කරන්න තිබුණා. ඔහු ගෙදර නවතින්නට තිබුණේ 2015 පරාජයේදිද?  නැත්නම් 2022 මැයි නම වැනිදාද?

මැයි නම වැනිදා මහින්ද මිනිස්සු කුලප්පු කරලා තිරිසන් වැඩක් කළ බව කියන්න ඕනෙ. ඒ වෙනකොට කොහොමත් රාජපක්ෂලා නිසා රට වැටිල ඉවරයි. අඩුම තරමේ මැයි නමය  මහින්දට තිබුණා තරමක් හෝ ගෞරවය බේරගෙන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙලා යන්න. ඒත් නසරානියො ටිකක් දාගෙන රට විනාශමුඛයට ඇදලා දැම්මා.

 තමන්ගේම මන්ත්‍රීවරයෙක් මරා ගත්තා. ප්‍රකෝප වූ මිනිස්සු මහින්දගේ සගයන්ගෙම ගෙවල් ගිනි  තියන තැනට වැඩේ ඇවිලුවෙ මහින්ද. මේක පොහොට්ටුවේ අය පසුව හෝ පිළිගන්න ඕනෙ.                        

මහින්දට  කවදාවත් සමීපතමයන්ගෙන් විවේචනයක් එල්ල වෙලා නෑ. ඉකුත් සතිඅන්තයේ වුණත් මහින්ද කඳුළු අතරින් සමුගැනීම ප්‍රකාශයට පත් කරනකොට පවුලේ අනිත් අය අහගෙන හිටියා විතරයි. ඕනේ මිනිහෙකුට ගේ ඇතුලෙන් විවේචනයක් එන්න ඕනෙ. පක්ෂයක් හැදෙන්නෙ පක්ෂයේ අභ්‍යන්තර විවේචනයක් කෙරෙන්න ඕනෙ  වගේ. මහින්ද හැමදාම වීරයා වුණා. සමීප වෙලා බලනකොට වීරයාගේ හිස් තැන් පේන්න තිබුනා.ඒත් කවුරුවත් ඒ හිල් පෙන්නලා දුන්නේ නැහැ. ඒ නිසා මහින්දත් හිතුවා තමන් අඩුපාඩු නැති කෙනෙක් කියලා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා වගේ හැසිරෙන්න පටන් ගත්තා.

දැන්වත් මහින්ද කල්පනා කරනවා ද පරාජිත වීරයෙක් වගේ තමන්ට සමුගන්න වෙලා තියෙන්නේ ඇයි කියලා.                       

මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විදියට හිටපු කුමාරසිරි හෙට්ටිගේ ළඟදී මහින්දගෙන් වෙන්ව ගියා. ඊයේ පෙරේදා ඔහු සටහනක් ලියලා තිබුණ මහින්ද ජනප්‍රිය නායකයෙක් උනාට තමන්ගේ මුළු පවුලම දේශපාලනයට ගෙනාපු නිසා එයා ජනතාව අතර අප්‍රසාදයට පත්වුණා කියලා.තවත් විවේචන කීපයක් එයා කරලා තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ නායකයා වැරදි කරන කාලේ ඒ කවුරුවත් පුද්ගලිකව හරි ඒ වගේ විවේචන නොකළ එකයි. එහෙම කරානම් බෙල්ලම කැපෙන්න පුළුවන් තමයි. එනිසා නිහඬව ඉඳලා නායකයාට කෙලවෙච්ච  දවසක කරපු වැරදි ගැන කියනවා. කුමාරසිරිත් ඒ වගේ.

අද ගෝඨාභය ගැනත් සමහරු දරන ස්ථාවරය ඕකමයි.අස් වලා ගිය ජී එල් ඇතුළු කණ්ඩායමත් ඒකමයි කළේ. මහාචාර්ය ජී එල් රාජපක්ෂලා කරපු ඕනෙම නරක වැඩක් හොඳයි කියපු  මිනිහෙක්. අද ඒකම  එයාට පාරාවළල්ලක් වෙලා.ජී එල් සුදනා ඔන්න දැන් රාජපක්ෂලාට දොස් කියනවා.                      

මහින්ද අස්වෙන බව කියලා කඳුළු ටිකක් හළලා තියෙනවා. මහින්ද බැසිල් ගෝඨාභය යන සහෝදරයන්ගෙ වැඩ නිසා මුළු රටම කඳුළු ගඟක් හළනවා. මහින්දට ගෙදර යන්න වෙච්ච එක දුකක්. හැබැයි ඒ මේ කාටත් ගෙදර ගිහින් කාලා බීලා නිදහසේ මැරෙන්න පුළුවන්.

උන් කරපු වැඩ නිසා ජනතාවට බඩ සයින් අන්ත නිරා දුක් විඳලා මැරෙන්න සිද්ධවෙලා තියෙනවා. මහින්දට මේ ලාස්ට් මූමන්ට් එකේ හරි   ඒක කියන්න කෙනෙක් නෑ.

 

@Leader TV- Deep Eye 

 

නවතම ලිපි