SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලය පුරා රටේ පවතින දැඩි ඖෂධ හිගයත් සමග අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ පවා හිගව යෑමෙන් ඇතිවූ අර්බූධයත්, ඒ අර්බූධය හරහා සිදුකෙරෙමින් තිබුනු වංචා දූෂනයනුත් ගැන මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් කෙරුනා.

රටේ සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ මිළට ගැනීමට ඉන්දීය ණය ආධාර ලැබී තිබියදීත් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම ප්‍රමාද කරමින් අර්බූධය උච්ඡ කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිව යුත්තන්, ඉනික්බිතිව සිදුකළ බාල වර්ගයේ ඖෂධ ගෙන්වීමට ගන්නා උත්සාහයන් සහ තහනමට ලක්වූ සමාගම් වලට ටෙන්ඩර් අනුමත කිරීම වැනි අක්‍රමිකතා පිළිබඳව මාධ්‍ය මගින් අවධාරණය  කෙරුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය යනුම එක්තරා මාෆියාවක් සමග ගනුදෙනුවක් බව අවිවාදිතය. මන්ද අද ලෝකයේම බෙහෙත් සමාගම් යනු භයානක මාෆියාවකි. ඒ මාෆියාව තුළ රටට අවශ්‍ය සහ රටේ රෝගීන්ගේ ජීවිතවලට වගකිවහැකි මට්ටමේ ඖෂධ ලබාගැනීම කියන අවම සදාචාරය හෝ රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තීන් තුළ තිබිය යුතුයි.

පහුගිය යහපාලන යුගය තුළ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනාත්මක තත්ත්වයක් ඇති වුනද එහි ප්‍රගතිය වැසී ගිය සිදුවීම් ජාතික ඖෂධ නියාමන අධිකාරීන්ට පත්කළ දූෂිත නිළධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා සිදුවූවා අපට මතකය.

රාජිත සේනාරත්න වෙන්න නියමිත අමාත්‍යවරයාට අමාත්‍ය ධූරය ලබාගන්නටත් පෙර ටයි කෝට් මහන සුපුරුදු වංචනික නිළධාරීන් ගැන සිහිපත් කරගැනීම ගුණදායක වනු ඇත.

නවතම ලිපි