SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ ටාගට් එක 2024.

හොඳ පිට හරවමු.. #ResetSrilanka .. තමයි දිලිත්ගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ නම..



ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය ජයගන්නේ කෙසේද ? දිලිත් ගේ ''අරමුණ' ව්‍යාපාරික හමුව ජනවාරි 21 සෙනසුරාද හවස පිටකෝට්ටේ සෝලිස් එකේදී ආරම්භ වෙනවා..

 

ලංකාවේ දේශපාලනය තීන්දු කරන බලවත්ම සාධකය මොකක්ද කියල ඇහුවොත් වමේ යැයි කියාගන්නා පක්ෂත් අන්ත දක්ෂිනාංශික පක්ෂත් කියාවි මහජනතාව කියල, පුරවැසියා කියල. ඒත් ලංකාවේ විතරක් නෙවෙයි මුළුමහත් ලෝකයේම දේශපාලන බලය තීන්දු කරන සාධකය තමයි ඒ ඒ රටවල ව්‍යාපාරික ප්‍රජාව. වෙළඳපොල ක්‍රමය තුළ තවදුරටත් පොදු මහජනතාව කියන සාධකයක් ඉතිරිව නැහැ. ඉන්නේ පාරිභෝගිකයන්. ඒක දේශපාලනයටත් අදාළයි. දේශපාලන බලය තීන්දු කරන්නේ පොදු රටවැසියා නම් ඒ රටවැසියා පාරිභෝගිකයෙක්. එතකොට මේ පාරිභෝගිකයා මෙහෙයවන්නේ කවුද? දේශපාලකයන් නොවේ. ඔවුන් මෙහෙයවන්නේ ව්‍යාපාරිකයින් සහිත වෙළඳපොල ක්‍රමය විසින්.

පහුගිය කාලය තුළ ලංකාවේ ඇතිවුනු අරගලය හටගැනීමට සාධක වුනේ පරිභෝජන ගැටළු. ඒ පරිභෝජන ගැටළු පිළිබඳ අර්බූධය ඔස්සේ අරගලයක් උත්පාදනය කලේ ව්‍යාපාරිකයින් විසින්. වෙළඳපොල ක්‍රමය අර්බූධයට යන ඔිනෑම මොහොතක ව්‍යාපාරිකයින් මැදිහත්වීම වර්තමාන සමාජ රටාව තුළ සිදුවිය හැකි යථාර්තයක්.

දිලිත් ජයවීර කියන්නේ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ ලීඩින් සමාගම් වල හිමිකාරයෙක්. ඒ වගේම දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ප්‍රොජෙක්ට් එකේ දැවැන්ත කාර්ය භාරයක් කරපු චරිතයක්.

 

එදා දිලිත් හිතූ විදිහටම ලංකාවේ වෙළඳපොල පවත්වාගෙන යෑමේ මූලික අවුල බවට පත්ව තිබුණේ ආරක්ෂාව කියන සාධකය. ඒක සිද්ධ වුනේ දැනුවත්ව හෝ නොදැනුවත්ව නිර්මාණය වූ පාස්කු ප්‍රහාරය මගින්. පාස්කු ප්‍රහාරය හරහා ලංකාවේ වෙළඳපොල අර්බූධයට යෑම වැලැක්වීමට ලංකාවේ ආරක්ෂාව සැලැස්සවීමේ විශ්වාසය විකිණිය හැකි ප්‍රබලතම පුද්ගල සාධකය බවට එදා කතාබහට ලක්වුනේ ගෝඨාභය රාජපක්ෂ නාමකරණයයි. එය මාර්කට් කිරීමට ජාතිකවාදී චින්තනයත් බෙහෙවින් උපකාරී වුනා. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතිකවාදීන්ගේ ආශීර්වාදයෙන් සැකසුනු සමාජ සැකැස්ම විසින් විශාල ජනවරමකින් ගෝඨාභය කරලියට රැගෙන ආවා.



ගෝල්ෆේස් අරගලය තුළින් මතුවුනු යථාර්තය ව්‍යාපාරික ප්‍රජාව හඳුනගන්නා තවත් සමාජ පැතිකඩක්. ලංකාවේ අද ජනවිඥානය පරිභෝජනවාදය කේන්ද්‍ර කරගත් එකක් බව පැහැදිලි වීම තුළින්, ඒ තුළ ජනයාගේ පාරිභෝජන අවශ්‍යතාවය විසඳිය හැක්කේ  තවත් සම්ප්‍රධායික දේශපාලන ප්‍රතිරූප බලවත් කිරීමෙන් නොවේය යන්න ව්‍යාපාරිකයින්ගේ නිගමනය වන්නට හැකිය.

ඒ ඔස්සේ බලනවිට  දැන් පේන්න තිබෙන්නේ ගෝඨාභය ගෙනාපු දිලිත්, ආයේ එක එක් කෙනා වෙනුවෙන් ගේම් ගහන එක නවත්වලා, තමන්ටම කියලා ගේමක් ගහගන්න යනවා වගේ තත්ත්වයක්.

අන්න ඒ ගේම ගහන්නේ කොහොමද කියන එක, රට හොඳ පිට හරවන්නට වන ඔහුගේ සැලැස්ම තුළින්  ලගදීම බලාකියාගන්නට ලැබේවි.

 

නවතම ලිපි