SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විවිධ අවශ්‍යතා සහ විවිධ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන

රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද දැඩි අවධානය යොමුව ඇත.

රටේ මහජනතාවට අත්‍යවශ්‍ය සියලුම රාජකාරී කටයුතු ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම සදහා අවධානය යොමුවී ඇති අතර මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කරන ලෙසද හෙතෙම බලධාරීන්ට උපදෙස් දී ඇත.

එම තීරණය මගීන් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සහ රටේ මහජනතාවට රජයේ සේවයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාගැනීමේ හැකියාව සපුරාදෙනු ඇති බව අපේක්‍ෂා කරයි.

රජයේ සේවක වැටුප කොටස් දෙකකට.. කැබිනට්ටුවේ තීන්දුයි..

මේ අතර රජයේ සේවකයන්ගේ වැටුප කොටස් දෙකක් වශයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව විධායක නොවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයකට පසු වීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් මහා භාණ්ඩාගාරය විසින් සිදුකරන ලද නිර්දේශයක් මත මෙම තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇත.

අදාල යෝජවාය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

රජයේ වියදම් උපරිම ලෙස කළමනාකරණය කිරීම සදහා ගනු ලබන පියවරයන් මත මෙම ක‍්‍රියාමාර්ගයද ගෙන ඇත.

පුවත - @unusuma.lk

නවතම ලිපි