SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණීම සදහා අවබෝධතා ගිවිසුමට අද අත්සන් කළේය.

මන්ත්‍රී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ. නමුත් ගිය වසරේ රට බංකොළොත් භාවයට ලක් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේ දී නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් ඒ සඳහා කාලය අපිට හරස් වුණා.

කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වෘත්තීය මට්ටමේ පිරිස් එක්ක යන්න. ඒ අතරේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වෙනවා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙම නව සන්ධානය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පාඨලී වැනි නායකයෙකු සමග සන්ධානයක් පිහිටුවීමට ලැබීම ගැන සතුටුවන බවයි. 

නවතම ලිපි