SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජිත සේනාරත්නට එරෙහිව සමගි ජන බලවේගයෙන් කළුතර දී දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.‍

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් කළුතරින් ඇප තැන්පත් කිරීමෙන් පසු රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව හොඳ බව කියමින් ප්‍රකාශ නිකුත් කොට ඇති බව අගලවත්ත සමගි ජන බලවේග ජාතික සංවිධායක ජගත් විතානගේ සඳහන් කරයි.

ඔහු තවදුරටත් කියා සිටියේ දූෂිත පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයිද තමා වුවත් වැරදි කරන්නේ නම් එසේ ඡන්දය ලබා නොදෙන ලෙසත් ය.

කව්ද මේ ජගත් විතානගේ?

සමගි ජන බලවේගයේ අගලවත්ත ජාතික සංවිධායක ජගත් විතානගේ මුලින් ම දේශපාලනයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, හල්වතුර, ඉංගිරිය, හොරණ උඩවත්ත ඇතුළු දිස්ත්‍රික්කය පුරා බාර් 11ක අයිතිකරුවෙකු වන ජගත් මුදල් පොලියට දීම සහ කුලී කාමර පහසුකම් සලසාදෙන නිවාඩු නිකේතන කිහිපයක්ද පවත්වාගෙන යන දේශපාලන ව්‍යාපාරිකයෙකි.

පසුගියදා අගලවත්ත සහ මතුගම ආසන දෙකෙහිම ප්‍රධාන සංවිධායකකම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ජගත් විතානගේ වෙත ප්‍රධානය කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ සජබයේ නායකයා බවට පත්කරන්නට යන්නේ බාර් අයිතිකරුවෙක්ය යනුවෙන් සමාජ මාධ්‍යයේ මේ දිනවල පැතිර යන පුවතකි.  

නවතම ලිපි