SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Lal Kanthaගේ කතාවක් හේතුවෙන් ස්ත්‍රීවාදීන්, තකතීරු වාමාංශිකයින්, X කන්ඩායමේ ආභාෂය ලැබූ වාමාංශිකන් වැනි පිරිස් සහ ලිබරල්වාදීන් කුලප්පු වී ඇත.

ලිබරල් කල්ලියක නායකයෙකු වන අජිත් පැරකුම්ට අනුව හෙදකම ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයින් සඳහා ද එක සමානව ගැලපේ. ස්ත්‍රීවාදීන්ට සහ ලිබරල්වාදීන්ට අනුව අනාගතයේ ඔලිම්පික් මීටර් 100 වැනි ධාවන තරඟ වලට පවා ගැහැණු පිරිමි භේද තිබිය නොහැකිය. එසේම අනෙකුත් ක්‍රීඩා සඳහා ද එසේය.

මේ වන විට ආරම්භ වී ඇති 'සුපර්-හියුමන්' ව්‍යාපෘතිය සාර්ථක වීමත් සමග ඒ තත්වය ඇති වනු ඇති බවට ඔවුනට බලාපොරොත්තු තබා ගත හැකිය. ඒ අනුව වම්මුන්ගේ, ස්ත්‍රීවාදීන්ගේ සහ ලිබරල්වාදීන් යන සියල්ලන් අවසාන වශයෙන් විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වන්නේ විද්‍යාව සහ තාක්ෂනය තුලිනි. ආගම වෙනුවට "Scientology" වැනි දෘෂ්ටිවාදයක් ලොවපුරා තහවුරු වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

නූතන හෙද වෘත්තිය ආරම්භ වන්නේ ක්‍රිමියානු යුධ සමයේදීය. ඒ යුද්ධයෙන් තුවාල ලබනා සෙබළුන්ට ප්‍රතිකාර කිරීම, උපස්ථාන කිරීම, රැකබලා ගැනීම, වැනි කටයුතු තුලිනි. කුරිරු යුධ කටයුතු සඳහා අතීතය පුරාම සහභාගී වී ඇත්තේ මූලික වශයෙන්ම පිරිමින්ය. ස්ත්‍රීන්ට එවැනි කුරිරු කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වීම යනු හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවේ. ස්ත්‍රිය ගෘහස්ථව හෝ ගෘහ ආසන්නව කටයුතු කිරීමේදී පුරුෂයා ආර්ථිකමය කටයුතු වල නිරත වූයේ ස්ත්‍රියට දරුවන් සිටින නිසාය. ළදරුවෙකු සිටී නම් ඇය දරුවන්ට අනීවාර්යයෙන්ම කිරි දිය යුතුය. අනෙක් දරුවන් පෝෂණය කරමින් රැක බලාගත යුතුය. එය හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන්නේ එබැවිනි. දරුවන් සමග ස්ත්‍රියට ඇති සම්බන්ධය පුරුෂයාගෙන් පැහැදිලි ලෙසම වෙනස් වන්නේ ලේ පෙරාගෙන, වේදනාවෙන් ආරම්භ වන දරුවන් වැදීමේ සිට, කිරි දීම, දරුවන්ගේ අසූචි, මුත්‍ර, ඇතුළු සියල්ල සමග තම දරුවන්ට ඇති සම්බන්ධයි. ඒ අනුව නැවතත් ප්‍රකාශ කල හැක්කේ එය හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන බවය. ස්ත්‍රියගේ දරුවන්ට ඇති ආදරය යනු දරුවන්ට ඇති එම සම්බන්ධය තුල ඇති අනීවාර්ය කොන්දේසියකි. ධනවාදය තුල එය කෙතරම් පරාරෝපනයට ලක්වුවද එම අර්ථයන් තුල සම්පූර්ණ විය නොහැකි, අර්ථවත් විය නොහැකි සම්බන්ධයක් එහි ඇත. නමුත් පුරුෂයා සහ තම දරුවා අතර සම්බන්ධය මේ වනවිට සම්පූර්ණ වශයෙන්ම ධනවාදී දේපල සබඳතා තුල ගොඩනැංවීමකි (ස්ත්‍රිය මෙම ගොඩනැන්වීම තුල නොමැත යන්න මින් අදහස් නොවේ). ස්ත්‍රිය ද සිටිනුයේ ඒ තුලය. නමුත් එහි ක්‍රියාකාරීත්වයට (ධනවාදයේ), අර්ථයන්ට බාධා පමුණුවන අර්ථයකට ගෙන ආ නොහැකි කොස්සක් පවතී.

දැන් කෙනෙකුට විමසිය හැක්කේ එසේනම් "ස්ත්‍රිය නොපවතී" යන ලකාන්ගේ සුප්‍රකට ප්‍රකාශයේ අර්ථය කුමක්ද යන්නයි. හොඳින් විමසා බැලුවහොත් ඉහත විස්තර කිරීම තුල ඇත්තේ එම ප්‍රකාශය තහවුරු කිරීමයි. එනම් ස්ත්‍රිය පුරුෂ ගොඩනැංවීමක් තුල අර්ථවත් වී ඇති අතර එම ගොඩනැංවීම තුල වියුක්ත ස්ත්‍රිය නොපවතී. එනම් පුරුෂභාවය මෙන් විශ්වීය ක්‍රියාකාරීත්වයක් ස්ත්‍රීත්වය සතු නොවේ. ස්ත්‍රීවාදීන්, වම්මුන්, ලිබරල්වාදීන්, දිගින් දිගටම උත්සාහ දරනුයේ ධනවාදය තුල එම වියුක්ත ස්ත්‍රිය සොයා ගැනීමට සහ ගොඩනංවා ගැනීමටය.

ස්ත්‍රීන් විසින් ඔවුන්ව සාමාන්‍යකරණයට ලක්වීමට ඉඩ නොදේ. 'පැලෝ කේද්‍රීය' (phallocentric) සාමාන්‍යකරණය වීමට පවා ඉඩ නොදේ. ස්ත්‍රිය යනු 'රෝග ලක්ෂණයක්' වන්නේ එබැවිනි. එනම් ස්ත්‍රියකට පුරුෂ මානසික ආර්ථිකය වෙත සැමවිටම ඇතුල් විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි (පුරුෂ "ආශාවේ වස්තු හේතුව"- object petit a) ලකාන්ගේ ඉදිරිපත් කිරීම් තුල වඩාත්ම තීරණාත්මක ඉදිරිපත් කිරීමක් වූ 'ස්ත්‍රී ප්‍රමෝදය' (Feminine Jouissance) යනු පැල්ලසයට ඔබ්බෙන් යන්නකි ("beyond the phallus"). එනම් එම ප්‍රමෝදය ගූඩ ප්‍රීතිමත් බවකි (ecstasy). එය අපරිමිත පිළිවෙලකට අයත්ය. එසේම එය අර්ථවත් නොවේ. ස්ත්‍රීන් ඒ පිළිබඳව කිසිවක් නොදනී.

ඒ අනුව හෙද කම සඳහා ස්ත්‍රීන්ගේ මුල් සහභාගීත්වය අහඹුවක් නොවේ. නමුත් ලිබරල්වාදීන්, වම්මුන්, ස්ත්‍රීවාදීන් පිහිටා සිටිනා ස්ථාවරයට අනුව එය අහඹුවක් විය යුතුය. ලකානියානු ස්ථාවරය ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය ඒ තුලින් ගොඩනැගුන පශ්චාත් නූතනවාදය සමග සමපාත නොවේ. ඒවායින් වෙනස්ව එය යථාවාදයකි (realism).

ඒ අනුව සැබෑ ස්ත්‍රීවාදය වන්නේ සියල්ලට ප්‍රථමයෙන් ස්ත්‍රිය යනු පුරුෂයා නොවේ යන්න පිළිගැනීමයි. එසේම එය කිසි දිනක සමනය කල නොහැකි ප්‍රතීඝතාවයක් (antagonism) ලෙස පිළිගැනීමයි (antagonism යන්න පශ්චාත් මාක්ස්වාදීන් විසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ "පසමිතුරුතාවය" ලෙසය. නමුත් ලකානියානු අර්ථයෙන් එය පසමිතුරුතාවය ලෙස හැඳින්විය නොහැකිය). එබැවින් පුරුෂයා හා සමාන වීමට ප්‍රයත්න දරනා ස්ත්‍රීවාදයට ලිබරල්, සහ වාම යන ස්ථාවර දෙක තුලම එක විට කටයුතු කල හැකිය. 

උපුටාගැනීම -

ස්පාටකස් ලිපි

spartacus.lk

නවතම ලිපි