SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවට නිදහස ලැබුනායැයි සමරන 75 වසරටත් ලගාවෙන්න ඔන් මෙන්න.

ඒක මහ ඉහළින් සමරන්න 'අරගලයෙන් උපන් ජනාධිපති' රනිල් වික්‍රමසිංහත්, රාජපක්ෂ ආණ්ඩුවත් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරෙ මේ පැය කිහිපයක නිදහස් සැමරුමට රුපියල් මිලියන 200ක් වැය කෙරෙන බවත් අසන්නට දකින්නට ලැබෙනවා.

ලංකාවේ පමණක් නොව ඉන්දියාව වැනි රටවල පවා මෙවැනි නාට්‍ය රටට ඉදිරිපත් කෙරෙනවා. රටේ පුරවැසියා කුමන තත්වයකට මුහුණ දී සිටියත් ඒ රටේ හැම රැල්ලක්ම ඉවෙන්ට් එකක් ලෙස ගොඩනංවන්නේ මේ රටවල දේශපාලනඥයින් විසිනුයි. වෙනකක් තබා අරගල පවා ඉබේ හටනොගන්නා අප නොදකින් තිරය පිටුපස කෙනෙකුගේ හෝ පිරිසකගේ තිර පිටපතකට අනුව සිදුවන්නකි. ඉතිහාසයේ වරින්වර මෙරට ඇතිවුනු ඉතා පහත් මට්ටමේ මිනිස්කම පාගාගත් සිද්ධීන්හි පවා නිර්මාතෘවරුන් වන්නේ ඔවුනුයි.

කලෙකදි මෙරට ජාතීන් අතර ජනවර්ගයන් අතර ඇතිකළ යුද්ධවලට මෙන්ම ජනවර්ගයන් අතර ඇතිකළ නොසන්සුන් තාවයන් සම්බන්ධයෙනුත් මූලික වුනු සමහරුන් පිළිබඳව එකී නාට්‍ය පිටපත් පිළිබඳ සිද්ධීන්  හෙළිදරව් වෙනවා.

ෂාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් කළායැයි සකසන ලද නාට්‍ය පිටපත වසර ගණනාවකට පසුව හෙළිදරව් වී ඔහු අද නිදහස ලබා තිබුනද එමගින් සිදුකරන ලද හානියට එක්කෝ එම තිරපිටපතට සම්බන්ධ වූ ගංකබර ජාතිවාදී නඩය සිරභාරයට ගෙන දඩුවම් පැමිණිවිය යුතුව තිබුණේය. මීලගට රටේ නායකයා කළ යුතු චරිතයට අවශ්‍ය මතවාදය සකස්කිරීමට මුදල් සහ වෙනත් වරප්‍රසාධ ලබන්නට ක්‍රියාකරන මෙවැනි නාට්‍ය රගදක්වන්නන්ට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුය. එදා මෙම නාට්‍යය රගදක්වද්දී රාජිත සේනාරත්න වැනි අතලොස්සක් දේශපාලනඥයින් දිගින් දිගටම මෙවැනි ගංකබර ජාතිවාදී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කලද බහුතරයක් දේශපාලනඥයින් ඊට අනුබල දෙනු අපි දුටුවෙමු. ඒ බලය වෙනුවෙනි.

අතුරලියේ රතන, පාහියන්ගල ආනන්ද සාගර වැනි හිමිවරුන් ට තිස්ස ජනනායකගේ පහත හෙළිදරව්ව කෙසේ දැනෙන්නේද? මුදල් සහ වරප්‍රසාධ යනු ආගම දහම ඉක්මවා යන ලෞකික ගිහි ජීවිතයේ නපුර නොවේද?

තිස්ස ජනනායකගේ හෙළිදරව්වේ වීඩියෝව සමාජ මාධ්‍යය තුළ සැරිසරන අතර, ඒ පිළිබඳව @Newspedia.lk හි ඒ පිළිබඳව මෙසේ ඉදිරිපත් කර ඇත. (අදාළ වීඩියෝව පහතින්)

 

ෂාෆි වඳ සැත්කම් කළා කීවේ බොරුවට! – ඒක මමත් අහුවුණ නාට්‍යයක්! – තිස්ස ජනනායක

 

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කර වඳ සැත්කම් සිදු කලේය යන චෝදනාවට ඔහුට බොහෝ හිරිහැර වලට ලක්වීමට සිදුවිය.

මෙම කතාව සමාජ ගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මූලිකව කටයුතු කල උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් දැන් පවසන්නේ එම කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.

යහපාලන ආණ්ඩුව කාලයේදී සිදුවූ පාස්කු ප්‍රහාරය මුල් කරගනිමින් නැවත දේශපාලනය තමන්සතු කරගැනීම සඳහා පොහොට්ටු ආණ්ඩුව විසින් මැතිවරණය අරඹයා මෙම නාට්‍යය ගොඩ නැගූ බව ඒ මහතා පවසයි.

එමෙන්ම දහසකුත් දරුවන්ට දැනුම ලබාදෙන ප්‍රවීණ උපකාරක පන්ති දේශකයෙකු වන ඒ මහතා පවසන්නේ තමන්ද ඊට හසුවුණ බවයි.

පුවත් උපුටනය - @Newspedia.lk

නවතම ලිපි