SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක නායකත්වය දරන 43 සේනාංකය තම පක්ෂය සමග සන්ධානගතව

යෝජිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට සාකච්ජා පවත්වමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසිය.


එසේම අරගලයට ක්‍රියාකාරිව සහය දැක්වූ තරුණ තරුණියන් විශාල පිරිසක් තම පක්ෂයේ ඡන්ද සලකුණ වන 'කෙහෙල් ඇවරිය' යටතේ මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු කියා සිටියේය.

අප කළ විමසීමකදී 43 සේනාංකයේ ප්‍රධානියකු පැවසුයේ තම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ තරග කරන අතර තවත් පිරිසක් ඇතැම් පළාත් පාලන ආයතනවලට ස්වාධීනව ඉදිරිපත්වන බවයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ යාපනය දිස්ත්‍රික්කය සදහා තනිව තරග කරන බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේය. පසුගියදා ඒ සම්බන්ධයෙන් තරුණ කොටස් සමග සිදුකල සාකච්ජා සාර්ථක වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.

 

 පුවත් උපුටාගැනීම - Theleader.lk

නවතම ලිපි