SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දශක දෙකට සාපේක්ෂව අප විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලබා ගන්නා ලද ජයග්‍රහණ රාශියක් ඇත.

එහිදී අපට කිසිවෙක් උදවු උපකාර නොකල ද බොහෝ අය අපට විවේචනයන් ගෙන ඒමටත්, උපදෙස් ලබා දීමටත් ඉදිරිපත් විය. එලෙස නොමඳ විවේචනයන් සහ උපදෙස් ලබා දුන් සියල්ලන්ටම අපගේ ස්තූතිය පුද කරන්නෙමු.

සෑම විටම සමාජය තුළ යම්කිසි සමාජීය වශයෙන් දේශපාලන මැදිහත් වීමක් කරන විට ප්‍රබල ලෙස බාධාවක් වන්නේ මුදල් නැමති බාධාවයි. ප්‍රධාන ධාරාවේ වාමාංශික සහ දක්ෂිණාංශික පක්ෂයන් වලට උදවු කිරීමට ව්‍යාපාරිකයන් සහ පුද්ගලයින් විශාල පිරිසක් සිටියද, සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට උත්සහ කරන අප වැනි දේශපාලන පක්ෂයන් ට එලෙස මූල්‍යමය වශයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙක් තවමත් ඉදිරිපත් වී නැත. මෙතෙක් අප පැමිණි ගමන් මග පැමිණියේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා ගේ ධෛර්යයෙන් සහ පක්ෂයේ දීප්ති සහෝදරයා ගේ වැඩපිළිවෙළට සත්‍ය ලෙසම ආදරය කරන සහෝදර සහෝදරියන් ගේ කැපවීමෙන් ය.

එහෙත් පුළුල් වශයෙන් ජාතික දේශපාලනයට පිවිසීමේ දී මුදල් නැමති සාධකය සියල්ල ට ඉහළින් බාධාවක් ලෙස පැමිණෙන බැවින් පක්ෂයක් ලෙස සමාජය ක්‍රියාකාරීව වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලට බාධාවක් ලෙස ඉස්මතු වන බව පක්ෂයක් ලෙස අපි ද සෘජුව පිළිගන්නෙමු.

අප වටා සිටින බොහෝ දෙනෙකු මෙන්ම අප ගැන දන්නා බොහෝ දෙනෙකු නොදන්නේ පක්ෂය නඩත්තු වන්නේ කෙසේ ද කියා ය. අපට නිධානයක් හෝ ධනයෝගයක් හෝ ලැබී ඇතැයි සියල්ලන්ම සමප්‍රේක්ෂණය කරන නිසා පක්ෂයේ කටයුතු ප්‍රමාද වීමට හේතු ද විමසයි. මුදල් යනු බොහෝ දේ තීරණය කරන සාධකයකි.

පක්ෂයක් ලෙස සමාජයට පැමිණිලි කිරීමට සිදු වන්නේ ඉදිරියේ එන මැතිවරණය සඳහා මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලෙස මූල්‍ය තත්වය යහපත් කර ගැනීමට අවශ්‍ය වන බැවිනි.

අපව දන්නා නොදන්නා ඕනෑම අයෙකුට පක්ෂයේ කටයුතු සඳහා උපකාර කිරීමට සියල්ලන්ටම අවස්ථාව විවෘත කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂයේ මුදල් ලේකම් වන මිහිරාන් සහෝදරයා සම්බන්ධ කර ගැනීමෙන් ඒ සඳහා දායක විය හැක.

මිහිරාන්:- 077 495 0204

එසේම අප පක්ෂයේ මාධ්‍ය ලේඛම් වරයෙකු පත්කර ඇති අතර ඒ සඳහා ප්‍රසන්න සහෝදරයාගෙන් විමසිය හැක.

ප්‍රසන්න:- 076 881 9091

මීට අමතරව අප සමඟ සම්බන්ධ වීමට, සංවිධාන ගත වීමට, සංවාද පැවැත්වීමට කැමති පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂය සිටී නම් ඒ සඳහා රුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැක.

රුවන්:- 0764999498

සමබිම පක්ෂය විසින් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. අපට ආධාර කරලීමට හැකියාව ඇති, ඊට කැමති අය සිටී නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැක.

සමබිම පක්ෂය

ලංකා බැංකුව (BOC-BATHTHARAMULLA )

A.No. 87467875

නවතම ලිපි