SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෂාෆ්ටර් ඝාතනය ගැන කැළණි නයි දිලිත්, තිස්ස රවීන්ද්‍ර සහ ඩීඅයිජී සීඅයිඩී තරඟයට කෙප්ප කෙළින්නේ ඇයි?

කෝටිපති ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය  සියදිවි නසාගැනීමක් බව කැළණි නයි දිලිත්ගේ සති අග අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය හැටියට පළ කොට ඇත. එම පුවත ලියා ඇත්තේ ආරක්ෂක තොරතුරු ලියන පත්තරකාරයෙකු ලෙස පෙනී සිටින තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසිනි. එම පුවතේ එක් තැනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඒ බව තමාට ප්‍රකාශ කරනලද බව සඳහන් වේ.

 

වර්ල්ඩ් රෙකෝඩ් එකක්..

ෂාෆ්ටර් සියදිවි නසා ගැනීම සඳහා බොරැල්ල කනත්තට පැමිණ සතියක් පුහුණුවීම් කළ බවත් එහි සඳහන් වේ. පුද්ගලයෙකු සිය දිවි හානි කර ගැනීම සඳහා පුහුණුවීම් කළ බව සඳහන් වන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ය. 'තමා සිය දිවි නසා ගැනීමට සතියක් ප්‍රැක්ටිස් කළා' යයි දිනේෂ් ෂාෆ්ටර් වළෙන් නැගිට තිස්ස රවීන්ද්‍ර පෙරේරාට හෝ ප්‍රසාද් රණසිංහට කීවා ද? නොඑසේ නම් ඇසු දුටු සාක්ෂි තිබුණාද? නැතිනම් පරිවේශනීය සාක්කි තිබුනා ද? ඒ ගැන මීක් නැත.

ෂාෆ්ටර්ගේ ගෙල සිර කිරීමට යොදාගත් වයරයට සමාන ඇන්ටනා කේබලයක් බිරිඳගේ මවගේ නිවසේ තිබී සොයා ගත් බවත්, දිනේෂ් ෂාෆ්ටර් ගේ අත් දෙක බැඳ දැමීමට යොදා ගත් කේබල් ඔහුගේ නිවසේ මේස ලාච්චුවේ තිබී සොයාගත් බවත් මීට පෙර වාර්තා කර තිබුනේ ද මේ තිස්ස රවීන්ද්‍ර පෙරේරාම ය.

ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඇන්ටෙනා කේබල්..

වර්තමානයේ ගමේ ගෙදරක වත් රූපවාහිනිය නැරඹීමට දැන් ඇන්ටෙනා භාවිතා නොකරන කාලයේ කොළඹ හතේ කෝටිපතියෙකු තවමත් රූපවාහිනී නැරඹීමට ඇන්ටෙනා භාවිතා කර තිබීම පුදුමයකි. පසුව පොලිසියම මේ ඇන්ටෙනා කේබල් කතාව යට ගසා ගත්තේ ය.

තවත් වරෙක මේ කල්ලියම වාර්තා කෙළේ ෂාෆ්ටර් අතර මග දී මිල දී ගත් දෙදෙනෙකුට සෑහෙන ෂෝට් ඊට්ස් දෙකම මරණයට පෙර ඔහු තනියම අනුභව කර තිබූ බවයි. සිය දිවි හානි කර ගැනීමට පෙර බඩ ගින්නේ මිය යන්නේ මොකටදැයි කියා බඩ පැලෙන්නම ෂාෆ්ටර් කෑවේ ඇයිද කියා මේ කල්ලිය කියන්නේ නැත.

ෂාෆ්ටර් හැරී හූඩිනිවත් පරාද කරලා..

කෙසේ වෙතත් තමන්ම දෑත් බැඳගෙන තමන්ම  වයරයකින් ගෙල සිරකර ගත් ආකාරය මේ සුරංගනා කතා කාරයන් ජනතාවට කරලාම පෙන්විය යුතුය. ප්‍රකට මැජික් කාරයෙකු වන හැරී හූඩිනිවත් මෙවැනි වික්‍රමයක් කර පෙන්වූ බවක් අප නම් නොදනී.

ෂාෆ්ටර්ගේ සැබෑ ඝාතකයන් වසන් කිරීමට සිඅයිඩියත් තිස්ස රවීන්ද්‍ර පෙරේරාත් දැඩි උත්සාහයක යෙදෙන බව දැන් නොරහසකි.

තිස්ස රවීන්ද්‍ර සීඅයිඩිය වෙනුවෙන් මේ සා විශාල කෙප්ප ඇද බෑමක් කරන්නට හේතුව කුමක්ද?

ඊට හේතුව මෙසේ ය.

මින්නේරිය හමුදා කඳවුරේ ආයුධ පාතාලයට සැපයීමේ ජාවාරම...

මින්නේරිය යුද හමුදා කඳවුරෙන් හොරෙන් පන්නාගත් ටී 56 ඇතුළු ආයුධ තොගයක් පාතාලයට විකිණීමේ ජාවාරමක් සිදුකරද්දී කලකට පෙර හසුවිය. ආයුධ මින්නේරිය සිට කොළඹට ගෙනැවිත් තිබුනේ වත්මන් පොලිස් ඇමැතිකාරයා ටිරාං අලස්ට අයත් මව්බිම පුවත් පතේ මීඩියා වෑන් රථයකිනි. එහි දී අත් අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු වන්නේ මව්බිම පුවත්පතේ සේවය කළ ප්‍රසාද් අබේවික්‍රම නම් පත්තර කාරයෙකි.  ප්‍රසාද් අබේවික්‍රම තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගේ සමීප මිතුරෙකි.

කමල් ගුණේට කනපින්දම් කියා බේරේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් අබේවික්‍රම අවුරුදු එකහමාරක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කොට ඇත. ඒ අවස්ථාවේ ඔහු විසින් හෙළි කොට ඇත්තේ මෙම ආයුධ ජාවාරම සිදුකිරීමට ඔහුව පොළඹවාගෙන අනුබල දුන්නේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා බවයි. එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිස්ස රවීන්ද්‍ර පෙරේරා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී හොඳටම කළබල වූ තිස්ස රවීන්ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට කණපින්දම් කීවේ ය. තිස්ස රවීන්ද්‍රගේ කැළණි නයි බොසා දිලිත් ජයවීර විසින්ද කමල් ගුණරත්නට කණපින්දම් කීවේ ය. කමල් ගුණරත්න විසින් තිස්ස රවීන්ද්‍ර අත් අඩංගුවට ගැනීම වැළැක්වූ අතර අඩුම ගණනේ තිස්ස රවීන්ද්‍රගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම පවා වැළැක්වී ය. ඒ සඳහා සීඅයිඩියෙන් මැදිහත් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ය

ආයුධ ජාවාරමෙන් බේරා ගත්තාට කළ ගුණ සැලකීම..

මේ හේතුව නිසා තමා ආයුධ ජාවාරමෙන් බේරා ගැනීමට කටයුතු කළ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට කළගුණ දැක්වීමක් වශයෙන් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයේ සැබෑ ඝාතකයන් යටපත් කිරීම සඳහා තිස්ස රවීන්ද්‍ර පෙරේරා මාධ්‍යවේදියෙකුට තරම් නොවන කෙප්ප කෙළිමින් ජනතාව නොමග යවමින් අරුණ පුවත්පත ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. එක් අතෙකින් කැළණි නයි දිලිත්ගේ ජඩමාධ්‍ය තව දුරටත් යෙදවීමට තරම් ගණිකා වෘත්තියක් ඉතිරි වී ද නැත.

තෙවැනි පාර්ශවයක කාන්තාවක්...?

අප වෙත වාර්තා වන අන්දමට දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට තෙවැනි පාර්ශවයක කාන්තාවකගේ සම්බන්ධයක් තිබේ. සියළු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ ඇය කව්ද කියා හෙළිදරව්වීම වසන් කිරීම විය හැකි ය.

 

@ලංකා ඊ නිවුස්

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි