SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ දෙනා 2022 වසරේ ඇතිවූ අර්බූධය දේශපාලන අර්බූධයක් විදිහට තේරුම් ගන්නවා විනා

ආර්ථික අර්බූධයක් ලෙස තේරුම් නොගන්නා බවත්, ආර්ථික අර්බූධය තේරුම් නොගෙන ඉතිරි අර්බූධ ගැන කතාකර පලක් නැති බවත් 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ITN  නාලිකාවේ කැඩපත වැඩසටහන  සමග ඊයේ (03) දින එක්වෙමිනි.

“මම කියන දේවල් ආණ්ඩුවේ ප්‍රකාශකයන්ට කියන්න පුළුවන් උනානම් ආණ්ඩුව අර්බූධයකට යන්නෙ නැහැ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින් නිහඩයි. ඔවුන් නිහඩව එයාලගෙ වැඩේ කරගෙන යනව. නමුත් ඒ අය කරන දේ එළියෙ මතවාදී යාන්ත්‍රණයක් ඇතුළෙයි කියන්න ඔින. ඒකට තියෙනවා මාධ්‍ය, යූ ටියුබ් ආදිය ඇතුලත්. නමුත් එතැන ඔවුන්ට කියන්න දෙයක් නැතිවෙලා. මම කියන විදිහට අනික් අයට කියන්න බෑ.

සාකච්ඡාව මෙහෙයවූ කේ.ඩබ්ලිව්.ජනරංජන 2023 වසර දෙස දීප්ති බලන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරන ලදුව දීප්තිගේ පිළිතුර වූයේ,

“මගේ දේශපාලනයේ අවසාන බැට්ල් එක තමයි මේ දශකය. මේක මට වගේම මගේ පරම්පරාවේ අනෙක් අයටත් එහෙමයි. ඒ නිසා මේ 2023 වසර බලතුලනයේ ඉතාම අසීරු වසරක් වේවි. මේක ලේසි නෑ.

යනුවෙනි.

එම සාකච්ජාව පහත විඩියෝවෙන් බලන්න

නවතම ලිපි