SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන්

අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින 14කින් පසු නාමයෝජනා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

නාම යෝජනා බාර ගැනීම සඳහා දින තුන තුන හමාරක කාලයක් ලබාදෙන බවද ඔහු සදහන් කළේය.

අද නිකුත් කෙරෙන මෙම දැන්වීමට නාමයෝජනා බාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයන් සංඛ්‍යාව කාන්තා නියෝජනය ඇතුළු කරුණු රැසක් ඇතුළත් වේ.

පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද දින නිකුත් කෙරෙනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පසුව නිකුත් කෙරෙන බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

 

පුංචි ඡන්දෙදී සජබත් එක්ක හවුලක් නැ - ශ්‍රීලනිපය කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්‍රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව එම පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

උතුරු, නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් යටතේත් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.


මේ වන විටත් විමල් වීරවංශ ගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර කීවේය.

මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රීලනිප පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද (2) පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කර ලංකාවේ දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.


හිරුණිකාට කොළඹ, දමිතාට මහරගම නගරාධිපතිධූර!

 

@ ද ලීඩර් අනුග්‍රහයෙන්

නවතම ලිපි