SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව දිනෙන් දින අර්බූධය කරා ගමන් කරමින් සිටින බව කියමින් රටේ නායකයින් පුරවැසියාව දිනපතා දැනුවත් කරමින් සිටියි.

එමෙන්ම අර්බූධයන්ට පිළිතුරු සොයනු වස් පුරවැසියාගේ එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන්හි පිරිවැය ඉහළ නංවන්නේ භාණ්ඩාගාරය හිස් බව කියමිනි.

ආහාර පාන, විදුලිය, ජලය, ගෑස්, දුරකථන සේවා දිනෙන් දින ඉහළ දමන්නේ එසේ නොකළහොත් රට අර්බූධයට යෑම නොවැලැක්විය හැකි බව පවසමිනි.

දැන් මේ රටේ පරිභෝජන රටාව සහ අර්බූධයන් වැඩිදියුණු කලේ කවරෙක්ද යන්න කාහටවත් අදාළ නැති කතාවකි. අවශ්‍යව ඇත්තේ ණය වී හෝ ගිතෙල් අනුභව කරමින් දිවි ගෙවන්නටය.

ඒ අතර ඖෂධ මාෆියාව පෙනි පෙනී මෙරට ජන ජීවිතය බිලිගන්නට සුදානම්ය. අත්‍යවශ්‍ය ඖෂධ හිග බව සැබෑවකි. එහෙත් ඒ මත තබා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන තම කොමිස් කුට්ටි කඩාගැනීමට තහනම් කර ඇති ඖෂධ සමාගම්වලින් ඖෂධ මිළඳී ගැනීම පිළිකුල්ය.

පහත වීඩියෝවෙන් පුබුදු ජයගොඩ ඉදිරිපත් කරන්නේ එවන් වූ තවත් වංචාකාරී රංගනයක් නොවේද?

  • ඉතිහාසයේ ප්‍රථම වතාවට ඖෂධ නියාමන අධිකාරිය සුපිරි හෝටලයක මණ්ඩල රැස්වීම පැවැත්වීම
  • එම රැස්වීම පවත්වන වේලාවත් පස්වරු 6.30 වීම.
  • මෙම රැස්වීමේ අරමුණ විවාදාත්මක වූ Savorite Pharmaceuticals සමාගමේ ඖෂධ සඳහා අනුමැතිය ලබාදීම න්‍යායපත්‍රයට ඇතුලත් කිරීම.
  • මොනෑක් ඉම්පීරියල් හෝටලයේ පැවති මෙම මණ්ඩල රැස්වීම පැවති වෙලාවේ Kausikh ඖෂධ සමාගමේ ලොක්කාගේ පැමිණීම.
  • ගෝල්ෆේස් හෝටලේ කාමර අංක 1005 වුණේ මොනවද..?

නවතම ලිපි