SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන, නන්දන මුණසිංහ (දෙසැම්බර් 30 සිට) විශ්‍රාම යනු ඇත.

ඒ අනුව පොලිසියේ දෙවැනියා ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන ධූරය පුරප්පාඩු වන අතර එම ධූරය සඳහා පොලිස්පති සී ඩී. වික්‍රමරත්න විසින් ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊලඟට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත. පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ නිලන්ත ජයවර්ධන දේශබන්දු තෙන්නකෝන් සමඟ පයුරු පාසානයක් නැති දේශබන්දුගේ නීති විරෝධී නියෝග හෝ ක්‍රියාකාරකම් වලට අවනත නොවන පුද්ගලයෙකු බවයි.

දේශබන්දු සිය ගජයා පතිනායක ගෙන ඒමේ වෑයමක්..

ඒ නිසාම දේශබන්දු තෙන්නකෝන් සිය ගජයා වන පොලිස් ඇමතිකාරයා ටිරාන් අලස්ට පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනියා වන වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පුරප්පාඩු වන පරිපාලන ධූරයට පත් කරන ලෙසයි.  දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක අති ජාත මිත්‍රයන් වන අතර දේශබන්දු කියන ඕනෑම පජාත වැඩක් කිසිදු හිරිකිතයකින් තොරව පතිනායක  කරනු ඇත. පතිනායක යනු පොලිසියේ කිසිදු වැඩක් හරියකට කළ අයෙකු ද නොවේ. ඔහු නියම පතෝලයෙකි. පතිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන ධූරයට පත් වුවහොත් දේශබන්දුට අවශ්‍ය දූෂිත පොලිස් නිලධාරීන් ඔහුට අවශ්‍ය ස්ථාන වලට දමා ගැනීමත් දේශබන්දුගේ පාතාල ජාලය පුළුල් කර ගැනීමත් ඉතාමත් සුළු දෙයක් වනු ඇත.

නිලන්ත, පතිනායක, දේශබන්දු තිදෙනාම පාස්කු බෝම්බ චුදිතයෝ..

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති පත් කළ විශේෂ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ ඔහු රාජකාරි පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි. නමුත් දැනට අධිකරණයේ දිග හැරී ඇති පාස්කු නඩුවේ චුදිතයෙකු විය යුතු නිලන්ත ජයවර්ධන රජයේ සාක්කි කරවෙකු ලෙස නම් කර තිබේ. එමෙන්ම දේශබන්දුට සහ පතිනායකට එරෙහිව ද රාජකාරි පැහැර හැර ඇති බැවින් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු යැයි ජනාධිපති කොමිසම විසින් නීතිපතිට නිර්දේශ කර ඇත.

මේ හේතු නිසා නිලන්ත ජයවර්ධන සේම ලලිත් පතිනායක ද පොලිසියේ පරිපාලන ලෙස පත් කිරීම ගැටළුවක් බවට පත්ව ඇත. එසේ නම් එකී ධූරයට නම් කියැවෙන ඊලඟට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කවුරුන්ද?

ඊලඟට ඉන්න ඩීඅයිජීලාගෙන් සුදුස්සා කව්ද?

උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පොලිස් පුහුණු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව මැදවත්ත, පොලිස් සුභ සාධන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නැගෙනහිර  පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ආදීහු සිටිති.

නමුත් ඉහත ලැයිස්තුවේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් හිටපු පොලිස්පතිවරයෙකුගේ පුත්‍රයෙකු වන රන්මල් කොඩිතුවක්කු යනු ඔහුගේ මැර ප්‍රචණ්ඩ හැසිරීම් නිසා විවිධ අවස්ථාවල විශාල චෝදනා එල්ල වී සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අගෞරවය ගෙන ආ පුද්ගලයෙකි. (කියවන්න - රටේ නීතිය අපායට..! පොලිස්පති පුතා රන්මල් කොඩිතුවක්කු එදත් මැරයෙක් අදත් මැරයෙක්..!)

ඉහත නම් අතර මුලින්ම කියැවෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යනු සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු ලෙස පොලිසියට බැඳී උප පොලිස් පරීක්ෂක,  පොලිස් පරීක්ෂක තනතුරු දරා, නීති උපාධිය ලබා, සහකාර පොලිස් අධිකාරී ධූරයට පත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය දක්වා පැමිණි අයෙකි. 

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි

@Lankaenews

නවතම ලිපි