SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටින කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යකාරයා

පසුගිය 22 දා සිය ඉන්දීය සංචාරය තහවුරු කරමින්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරියා ද තමා සමග සිටින බවත්, දෙදෙනාම මේ සංචාරයට වියදම් කරන්නේ තමන්ගේම සාක්කුවේ සල්ලි බවත් පැවසීය.

22 දා Daily Mirror පුවත් පතේ “Is Keheliya in India to purchase meds from private Indian company” යන මැයෙන් පළ වූ ලිපියට ප්‍රතිචාර දක්වමින් කෙහෙළිය පැවසුවේ, ඖෂධ මිල දී ගැනීමට පෙර සියලුම ප්‍රසම්පාදන, තත්ත්ව පාලන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් තමන් ඉන්දියාවේ සිටින බවයි. (“එක්තරා කොම්පැනියකින් අපට බාල බේත් ගේන්න සෞඛ්‍ය අමාත්‍යකාරයාම ඉන්දියාවට ගිහින්; අනේ, පව්..!” යන මැයින් පෙර කී ලිපිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ද පළ විය.)

“සති කිහිපයකට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ හා NMRA නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායමක් මේ වැඩේම කොටසක් විදියට ඉන්දියාවේ වෙනත් පළාතක ඖෂධ කොම්පැනිවල ඖෂධවල හොඳ-නරක සොයා බැලුවා. මූලික කරුණු සොයා බැලීමේ සංචාරය ඉවර වෙලා, තාක්ෂණික විශේෂඥයින් තත්ත්ව අනුමැතිය ලබා දෙනවා. ඊට පස්සේ මට තමයි වැඩ තියෙන්නේ - ආණ්ඩුවෙන් ආණ්ඩුවට බඩු ටික විගවිගහට ලංකාවට ගෙන්වා ගන්න ඕනෑ,  නීති රෙගුලාසිවලින් බාධා තියෙනවා නම් ඒවා මග හරින්න ඕනෑ, ඒ වගේම හොඳ තත්වයේ ඖෂධ එක දිගට ලංකාවට එන බවට සහතික වෙන්නත් ඕනෑ,” යයි අමාත්‍යාකාරයා පැවසීය.

"හැම ඖෂධ මිලයට ගැනීමක දීම ඒවා මිල දී ගන්න කලින් බඩු හොඳ ද කියලා පරීක්ෂා කරලා සෑහීමකට පත් වෙන්න ඕනෑ. මං අවධාරණයෙන් කියන්නේ, මේ වැඩේට ආණ්ඩුවේ සල්ලි වියදම් වෙලා නැහැ. මං මේ සංචාරයට වියදම් කරන්නේ මගේම සල්ලි, NMRA එක වියදම් කරන්නේ එයාලගෙ සල්ලි. ඒ හින්දා ආණ්ඩුවට කිසිම බරක් නැහැ,” යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

කෙහෙළිය ගොලුවෙයි

කෙසේ වෙතත් එම ඖෂධ මිලදී ගැනීම හා අදාල ඉන්දීය පෞද්ගලික සමාගමේ නම හෙළි කිරීමට කෙහෙළිය අපොහොසත් විය.

සෞඛ්‍ය අමාත්‍යකාරයාම පෞද්ගලිකව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉන්දියාවට පැමිණීම සුදුසු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ද ඔහු අසමත් විය.

ඔහු කියන පෞද්ගලික ඉන්දියානු ඖෂධ සමාගම තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන්නට උත්තරයක් දීමට ද ඔහුට නොහැකි විය.

ඔහු කියන එම සමාගම NMRA විසින් අනුමත කර තිබේ ද යන්න සඳහන් කිරීමට ද ඔහු අපොහොසත් විය.

ඖෂධ කොපමණ ප්‍රමාණයක් මිල දී ගන්නේ ද, ඒ කුමන මිලකට ද යන බව කීමට ද ඔහුට නොහැකි විය.

එකී මිල දී ගැනීම් සඳහා පාවිච්චි කරන්නේ ඉන්දීය ණය මාර්ගයෙන් ලද අරමුදල් ද යන බව කීමට ද අමාත්‍යකාරයාට බැරි විය.

රඹුක්වැල්ල අමාත්‍යකාරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳව මෙරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර, ඔහුගේ සංචාරයේ අරමුණ පිළිබඳව තමන් නොදන්නා බව ඔවුන් පවසා ඇත. එය ඖෂධ මිල දී ගැනීම උදෙසා නම්, මෙම සමාගම කුමන පදනමක් මත තෝරා ගත්තේ ද යන්න  වහාම පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින බව ද නිලධාරින්ගෙන් ප්‍රකාශ විය.

 

  • 2022 දෙසැම්බර් 23 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Keheliya confirms he is in India, but fails to name pvt. Indian pharmaceutical company he is dealing with” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

@-ඩේලි මිරර් වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් )

නවතම ලිපි