SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ වරුණ රාජපක්ෂ මේ සතියෙ බුකිය රත්කරන ආශු මාරසිංහගේ

විපරීත ලිංගිකත්ව කතාවක් ලෙස වයිරල් වෙන බලු ලිංගිකත්වය ගැන ලිපියක් ලියල.

වරුණ කියනවා මේ ලිපියට උත්තරයක් අවශයයි කියල.

උත්තර කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් වෙන කතන්දරයන් මිස වෙනත් දෙයක් නොවෙයි. එක්තරා කාලයක සමලිංගිකත්වයත් නීති විරෝධීයි.

කාලයක් ගිහින් ඒ වෙනුවෙන් ඇතිවුන කතිකාව අවසානයේ ලිබරල්වාදී ප්‍රවේශය උනේ හෝමෝසෙක්ෂුවල්, ලෙස්බියන්, සංක්‍රාන්ති ලිංගිකත්වයන් වගේ සංස්කෘතික දේශපාලනය උස්සන මිනිසුන් විසින් LGBTIQ+ ( lesbian, gay, bisexual, transgender/transsexual, intersex and queer/questioning) අයිතිවාසිකම් අරගෙන ආව.

ඉතිං වරුණ,

දැන් ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහට පුළුවන් සත්ව මිනිස් ලිංගික අයිතිවාසිකමත් ඔන්න ඔය LGBTQ+එක ඇතුලට දාගන්න. මොකද ඒ ටැග් එකේ ඒකට ඉඩ තියල තියෙන බව පේනවනේ. හදිසි වෙන්න එපා. විපරීත යැයි කාලෙක හඳුන්වපු ලිංගිකත්වයන් වලට දැන් අයිතිවාසිකම් නීතිගත කෙරෙමින් තියෙන එකේ ආශුගෙ සීන් එකත් නීතිමය තලයට ගේන්නයි ඔයාල කරන්න ඔින. සතාගෙ අයිතිවාසිකම් කතාකරන්නෙත් ඔය කියන ලිබරල් මහත්වරුන් නිසා විපරීත ධර්මෙලා එක්ක එකතු වෙලා ඒකටත් වැඩපිලිවෙලක් හදාගන්න පුළුවන්නෙ.

ඉදිරියේදී ඕවා නීතිගත උනාම සතා ලිංගිකව එකතු උනේ කැමැත්තෙන් ද අකමත්තෙන් ද කියන එක පවා තීරණය කරන්න අධිකරණයේදී පුළුවන්.

මේ පහලින් තියෙන්නෙ වරුණ ගේ ලිපිය තමයි.

-------------------------------------------

ආශූ - වරුණ රාජපක්ෂ

මම ආශූ මාරසිංහ මුලින්ම දකින්නෙ සිරිකොතට ගිය පලවෙනි දවසෙ. ඒ වෙනකොට එහි මාධ්‍ය භාරව හිටියෙ මංගල.

මංගල මට ආෂුව පෙන්නල "වරුණ.. ආෂුව දන්නවනෙ .. ජේවීපී එකේ හිටපු ප්‍රොෆෙෂර් ආෂූ.. " කිව්ව.

මම ඒ වෙලාවෙම මංගලට කිව්ව

"මම මෙහෙම කෙනෙක් ජේවීපී එකේ හිටිය කියල දන්නෙ නෑ. හැබැයි මෙයා විමල් එක්ක වැඩ කලා කියල දනව කියල"

පසුව මම මෙයා ගැන ටිකක් හොයල බලපුවම දැනගත්ත. මෙයා ජපානෙ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් ලෙස හිටපු ජපන් සමන්ගෙ ව්‍යාපාරයෙ සේවකයෙක් ලෙස හිටපු අයෙක් කියල.

ජපන් සමන් කියන්නෙත් මට අනුව ජේ වී පී කාරයෙක් නෙමේ. ඒත් සමන් ජවිපෙට මූල්‍යමය වශයෙන් උදව්කරපු නිසා සෝමවංශ මහතා ඔහුව ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස පවා හදුන්වා දුන්න. නමුත් ඔහු අපි පිලිගත්ත පක්ෂ ව්යුහය අනුව පක්ෂ සාමාජිකයෙක් නෙමේ.

කෙසේ නමුත් ඔහු ජවිපෙන් ඉවත් වෙලා විමල් එක්ක වැඩ කරනකොට ආශුත් හිටපු ජේවීපිකාරයෙක් විදිහට විමල් එක්ක පෙනීහිටිය.

මෙයා යූ එන් පී එකට ආවෙ "ජවිපෙ හිටපු මහාචාර්‍යවරයෙක් විදිහට.

මම මංගලට කිව්ව

"මම ආෂු ගැන දන්නෙ නැහැ, ඔයා හිතනවනම් එයා දක්ෂයෙක් කියල ඒක ඔයාගෙ තක්සේරුවක් ඒත් ජවිපෙ හිටපු නිසා මෙයා දක්ෂයෙක් කියල හිතනව නම් ඒක ගැන හිතන්න. මම දන්න විදිහට මෙයා මහාචාර්ය කෙනෙක් නෙමේ. මෙයා සමන්ලග වැඩ කරද්දි ජපන් ආපු අයට භාෂාව උගන්නපු නිසා මෙයාට ප්‍රොෆෙසාරි කියල කතා කරල තියනව. ඊට වඩා දෙයක් මම දන්නෙ නෑ කියල.

මට කොහොමත් මිනිහ ඒතරම් දිරෙව්වෙ නෑ. ඒ ආෂු දැකපු ගමන් ආව හැගීමද මිනිහ විමල්ගෙ ගෝලයෙක් නිසා ආපු හැගීමක්ද මම දන්නෙ නෑ. මට ඊට පස්සෙත් මිනිහව දිරෙව්වෙම නෑ.

ඔය ගාලුමුවදොර අරගලයෙත් මිනිහ ආදර්ෂා කරදන එක්ක සත්‍යග්‍රහ කූඩාරමක් ගහන් හිටිය. ඒ කූඩාරම ලගම අනිත් කූඩාරම ගහන් හිටපු නුවර නිලූ එක්ක ආදර්ෂා රංඩුවෙලා ඔය නඩුව ආෂූ පක්ෂෙට කියාගෙන ආවමත් මම කිව්වෙ

"ආශුටයි එයාගෙ ආදරවන්තියටයි අරගලේට යන්න කියල පක්ෂෙන් නෙමේනෙ කිව්වෙ, ඒනිසා පොදු වැඩකට ගිහින් එතන පොදු සාමූහිකත්වය රකින්න එයාගෙ පෙම්වතියට බැරිනම් ඒ නඩු අපිට ගේන්න එපා කියල"

මට ආෂුව දිරවපු නැති එක මගේ පුද්ගලික තීරණයක්.

ආෂුගෙ වීඩියෝවක් ලීක් උනා කියල දැනගත්තහම එකපාරටම හිතුනෙ මේවගේ ලෙඩ්ඩුන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ කියල

ඒත් හිරුණිකාගෙ press එකේ ස්ටිල් ඵොටෝ එක දැකල ඇතිවුන හැගීම සහ පස්සෙ whtsup වල ආපු වීඩියෝව දැක්කම ඇතිවුන හැගීම දෙකක්.

දැනට මම දැකපු වීඩියෝව අනූව නම් මට හිතෙන්නෙ ඒක බල්ලෙක් එක්ක කරපු

Sexual act එකක් නෙමේ. ඒක එයා සහ ආදර්ෂා අතර සිදුවන සම්භන්දයක් අතර සිදුවන kidding act එකක් කියල,

එවැනි දෙයක් 365 වගන්තිය යටතෙ වැරද්දක්ද කියල කියන්න තරම් මම නීතිවිශාරදයෙක් නෙමේ.

සමහර විට මේ වීඩියෝවෙ සම්පුර්ණ එක ආවම හෝ එය අධිකරණයට ආවම ඒක බලාගන්න පුලුවන්

මේ වගේ දෙයක් මාධ්‍යට ගේන එකද ඒක විදිමත්ව අධිකරණයකට ඉදිරිපත් කරන එකද ආදර්ෂා සහ හිරුණිකා කලයුත්තේ කියල තීරණය කරන එක සමාජය තීරණය කලයුතුයි.

ආෂු සුන්ඛයෙක් එක්ක sex කරලනම් , ඒක zoophilia කියන මානසික රෝගය. එවන් මානසික රෝගීන් පිලිබද වාර්තාකල යුත්තේ මනෝචිකිත්සකයෙක්ට. ඒක මාධ්‍යට කිව්වොත් වෙන්නෙ රෝගියාට සහ ඔහුගේ පවුලට විශාල හානියක්. එවන් රෝගයක් සගවා ඔහුට සාමාන්‍ය සමාජයේ හැසිරීමට දීමත් හානියක්, ඔහු මනෝචිකිත්සකයෙක්ට යොමුනොකර මාධ්‍යට කීමත් එවැනිම හානියක්.

හිරුණිකාට මට කියන්නට ඇත්තේ ඔබත් මාත් ඇතුලු මේ යුගයේ ජීවත්වන බොහෝදෙනෙකු ලිංගික ජීවිතය තුල pervert ලා බව දැන දැනම ඒ pervert කම දේශපාලනයට ගෙන ඒම වෙනුවට වත්මන් මිනිසුන්ගේ ලිංගිකත්වය pervert වීමට හේතුව ගැන අපි කතාකරමු කියාය. එවිට ඔබගේ රෝගයටද ප්‍රතිකාරයක් ලැබෙනු ඇත.

නවතම ලිපි