SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශයක් සිදුකල එහි නායක සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී,

තමන් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම නොගන්නා බවත්, තව කාලයක් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් පවසා තිබේ.

35 වැනි වියේ පසුවන මෙසී මාධ්‍යය හමුවේ කියා සිටියේ ‘ලෝක ශුරයෙක්’ ලෙස තවදුරටත් පාපන්දු පිටියේ රැඳී සිටීමට තමන් අපේක්ෂා කරන බවයි. ප්‍රංශයට එරෙහිව 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේ ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට නායකත්වය ලබාදුන් මෙසීගේ අවසන් තරඟය එය වනු ඇතැයි සිතා ලොවපුරා ඔහුගේ රසිකයන් මෙම ලෝක කුසලානය ආජන්ටිනාව ජයගනු ඇතැයි අපේක්ෂාවෙනු පසුවිය.

මින් පෙර මෙසී විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවය. මෙම ප්‍රකාශයෙන් බොහොමයක් පාපන්දු ලෝලීන් කණගාටුවට මෙන්ම පුදුමයට පත්වූ බව සැකයක් නැත. ඒ මෙසී අවුරුදු 35ක් වැනි ඉතාම අඩු වයසකින් පාපන්දු පිටියට සමුදීම හේතුවෙන් ය.

එහෙත් මෙසී තමන්ගේ තීරණය ‘රිවර්ස්’ කිරීම නිසා තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෙසී සලකුණ පවතිනු ඇත. එමෙන්ම ජනප්‍රියත්වය සහ ගෞරවය විසින් පුද්ගලික ප්‍රතිපත්තිමය තීරණ පවා ආපසු හැරවීමට හැකියාවක් ඇති බවද මෙසී මැනවින් පෙන්වාදී තිබේ.

@thetime.lk

නවතම ලිපි